
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මැදපෙරදිග සහ අප්‍රිකාවේ ප්‍රධාන හවුල්කරුවන් සමඟ ඉන්දියාවේ සම්බන්ධතාවය ගැඹුරු කිරීමේ අරමුණින් අගමැති නරේන්ද්‍ර මෝදි රටවල් 03 ක සංචාරයක් ආරම්භ කිරීමට සූදානම් වේ.
ඉන්දීය ජනමාධ්‍ය වාර්තා කළේ අග්‍රාමාත්‍යවරයාගේ එම සංචාරය දෙසැම්බර් 15 වනදා ආරම්භ වන බවයි.
දෙසැම්බර් 18 වන දා දක්වා සිදු කෙරෙන සංචාරයේදී අග්‍රාමාත්‍ය මෝදි ජෝර්දානය, ඉතියෝපියාව සහ ඕමානය යන රටවලට සංචාරය කරනු ඇත.
සංචාරයේ පළමු අදියරේදී, අග්‍රාමාත්‍ය මෝදි දෙසැම්බර් 15 සිට 16 දක්වා ජෝර්දානයේ හෂෙමයිට් රාජධානියට පැමිණීමට නියමිතයි.
ඔහු එහිදී ඉන්දු – ජෝර්දාන සබඳතාවල සමස්ත පරාසය සමාලෝචනය කිරීම සහ කලාපීය සංවර්ධනය පිළිබඳ අදහස් හුවමාරු කර ගැනීම සඳහා II වන අබ්දුල්ලා රජු හමුවීමට ද නියමිතයි.
මෙම සංචාරය දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල 75 වන සංවත්සරයට සමගාමීව සිදුවන අතර ද්විපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත් කිරීමට, හවුල්කාරිත්වයේ නව මංපෙත් ගවේෂණය කිරීමට සහ කලාපයේ සාමය, සමෘද්ධිය, ආරක්ෂාව සහ ස්ථාවරත්වය ප්‍රවර්ධනය කිරීම සඳහා ඉන්දියාවේ කැපවීම නැවත තහවුරු කිරීමට අවස්ථාවක් ලබා දෙනු ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart