
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
1960 දශකයේදී ගුජරාට් ප්‍රදේශයෙන් සොයාගන්නා ලද බුදුරජාණන් වහන්සේගේ සර්වඥ ධාතුන් වහන්සේ මෙරටදී ප්‍රදර්ශනය කිරීමට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි යෝජනා කර තිබේ.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඊයේ සිය ශ්‍රී ලංකා සංචාරය අතරතුරදී ජනාධිපති අනුර කුමාර දිසානායක සමඟ අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳපුදාගෙන ආශිර්වාද ලබාගත්තේය.
පුදබිමට පැමිණි අගමැති මෝදි උඩමළුවට ද පැමිණි අතර, එහිදී ඔහු නුවරකලාවිය විහාරාධිපති සහ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය ආචාර්ය පල්ලේගම හේමරතන නාහිමිපාණන් වහන්සේ සමඟ සුහද පිළිසඳරක ද නිරත විය.
එහිදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පවසාඇත්තේ තම උපන් ප්‍රාන්තය වන ගුජරාට් ප්‍රාන්තයේ 1960 දශකයේදී සිදුකරන ලද කැණීම්වලදී බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේ සොයාගෙන ඇති බවයි.
මෙම සර්වඥ ධාතූන් වහන්සේ ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශනය කිරීමේ හැකියාව පිළිබඳව ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කරන බව අග්‍රාමාත්‍ය මෝදි එහිදී නාහිමියන්ට පැවසූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
එමෙන්ම උන්වහන්සේ කළ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් මෝදි පවසා ඇත්තේ, අනුරාධපුරය පූජා නගරයක් ලෙස තවදුරටත් සංවර්ධනය කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක සමඟ සාකච්ඡා කර අවශ්‍ය පියවර ගන්නා බව සහ එය යථාර්ථයක් බවට පත්කිරීමට කටයුතු කරන බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart