
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ගෝලීය නායකයන්ගේ ලැයිස්තුවේ ජනප්‍රියම රාජ්‍ය නායකයා බවට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි නැවත වරක් තේරීපත්ව ඇත.
අමෙරිකා මෝනිං කන්සල්ට් සමාගම විසින් සිදුකළ සමීක්ෂණයකට අනුව මේ බව හෙළිව තිබේ.
එම සමීක්ෂණයට අනුව අගමැති නරේන්ද්‍ර මෝදිට කැමැත්ත පළකළ ප්‍රතිශතය සියයට 76කි.
පසුගිය සතියේ දී ඉන්දියාවේ පැවැත්වූ ප්‍රාන්ත මැතිවරණයෙන් ද භාරතීය ජනතා පක්ෂය විශිෂ්ට ජයග්‍රහණයක් හිමිකරගත් අතර, ඊට සාපේක්ෂව අන්තර්ජාතික ප්රජාවද නරේන්ද්‍ර මෝදිට සහාය පළකරන බව එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කර තිබේ.
කොරෝනා වසංගත සමයේ දී පවා අගමැතිවරයාගේ ජනප්‍රියත්වය ස්ථාවර මට්ටමක පැවතිණි.
මෙක්සිකෝ ජනාධිපති Andres Manuel Lopez Obrador (සියයට 66) සහ ස්විට්සර්ලන්ත ජනාධිපති Alain Berset (සියයට 58) ලබා ගනිමින් දෙවැනි සහ තෙවැනි ස්ථානවල පසුවේ.
අමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් සියයට 37 ක කැමැත්තක් ද, කැනේඩියානු අගමැති ජස්ටින් ටෘඩෝ සියයට 31 ක්, එක්සත් රාජධානියේ අගමැති රිෂි සුනක් ශ්‍රේණිගත කිරීම් සියයට 25 ක් සහ ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රොන් සියයට 24 ක් හිමි කර ගෙන ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart