
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මාර්ගගත (ඔන්ලයින්) ආරක්ෂණ පනතේ අඩුපාඩු පවතින බවත්, එය සංශෝධනය කිරීමට රජය කටයුතු කරන බවත් අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ පැවැසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා විසින් අසන ලද ප්‍රශ්නවලට අද පාර්ලිමේන්තුවේදී පිළිතුරු දෙමින්, “මේ පනතේ අඩුපාඩු තියෙනවා. අපිත් යම් යම් අඩුපාඩු නිරීක්ෂණය කරල තියෙනවා. සංශෝධන කරන්න අපි විවෘතයි. ඔබතුමා අවශ්‍ය සංශෝධන යෝජනා කරන්න. අපි සාකච්ඡා කරන්නම්. බලය තියෙන්නේ පාර්ලිමේන්තුවට. පාර්ලිමේන්තුවේ සාකච්ඡා කරලා අවශ්‍ය සංශෝධන කළ යුතුයි” යනුවෙන් හෙතෙම සඳහන් කළේය.
ඔන්ලයින් ආරක්ෂණ පනතේ පවතින අඩුපාඩු නිවැරදි කර ගැනීමට පක්ෂ නායක රැස්වීමක් කැඳවීම වැදගත් බවද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මෙහිදී පැවැසීය.
එසේම, පනත් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම පිළිබදව තම විරුද්ධත්වයක් නොමැති බවද කථානායක මහින්ද යාපා අබේවර්ධන එහිදී සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart