
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
තලෙයිමන්නාරම ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ අතුරුදන් වූ 10 හැවිරිදි දැරියගේ මළසිරුර අද උදෑසන සොයාගෙන තිබේ.
දැරියගේ මිත්තණිය විසින් සිදුකරන ලද පැමිණිල්ලකට අනුව පොලිසිය විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, එම දැරියගේ මළ සිරුර ඇය පදිංචි ස්ථානයේ සිට මීටර් 300ක පමණ දුරින් පිහිටි ඉඩමක තිබී සොයාගෙන ඇත.
ගෙවත්තක් නඩත්තු කිරීමට කුලියට ගත් අයෙකු විසින් දැරිය ඝාතනය කරන්නට ඇති බවටයි සැකකෙරේ.
මෙම පුද්ගලයා සහ ඔහුගේ බිරිඳ තලෙයිමන්නාරම ප්‍රදේශයේ පදිංචිව සිට ඇති අතර සැමියාගේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීම හේතුවෙන් බිරිඳ වෙන්වී ඇතැයි පැවැසේ.
මළසිරුර සොයාගන්නා අවස්ථාවේදී ඇයගේ යට ඇඳුම නොමැති බව අනාවරණය වී ඇති අතර, ඇය ලිංගික අපයෝජනයට ලක්ව ඇති බවට පොලිසිය සැකකරයි.
මේ තත්ත්වය තුළ අසල සිටි කාන්තාවක සැකකරුට ආහාර ලබා දෙමින් ඔහු සමඟ සුහදව සිට ඇත.
සැකකරු ඊයේ සවස ආහාර ලබාදෙන මෙම කාන්තාවගේ මිනිබිරිය වන දැරිය කඩයට රැගෙන ගිය අවස්ථාවේදී මෙම සිද්ධිය සිදුව ඇති බවයි වාර්තා වේ.
අසළ තිබූ සීසීටීවී කැමරා ආධාරයෙන් සහ ගම්වාසීන්ගේ සහාය ඇතිව සිදුකළ සෝදිසි කිරීම්වලදී අද (16) අලුයම දැරියගේ සිරුර සොයාගෙන ඇති අතර සැකකරු ද අත්අඩංගුවට ගෙන ඇත.
පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දැරියගේ මළසිරුර මන්නාරම රෝහලේ තැන්පත් කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් තලෙයිමන්නාරම පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart