
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ආන්දෝලනාත්මක ප්‍රකාශ සිදුකළ ජෙරොම් ප්‍රනාන්දු විසින් කටුනායක ප්‍රදේශයේ ඉදිකරන ලද, දැවැන්ත දේවස්ථානයක් ලෙස හැඳින්වෙන වන මිරැකල් ඩෝම් (Miracle Dome) මහජනතාව සඳහා වසා දමා නොමැති නමුත්, ජනතාව අතර ගැටුම් ඇති විය හැකි බැවින් එය පොලිස් ආරක්ෂාව යටතේ පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පවසයි.
“පල්ලිය හෝ පල්ලියේ ගොඩනැගිල්ල මහජනතාවට වසා නැත. නමුත් ගැටුමක් ඇති විය හැකි බවට තර්ජනයක් ඇති බැවින් ඩෝම් අවට දැඩි ආරක්ෂාවක් යොදා ඇත. අපට ප්‍රචණ්ඩත්වය අවශ්‍ය නොවන අතර සාමය පවත්වා ගැනීමට අපි පොලිස් ආරක්ෂාව ලබා දී ඇත.” යැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.
ජෙරොම් ප්‍රනාන්දු දේවගැතිවරයාගේ සහ ඔහුගේ මූල්‍ය කටයුතු සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට පරීක්‍ෂණ පවත්වමින් සිටියද, මෙම ස්ථානය වසා දමන ලෙස ඉල්ලීමක් ලැබී නැති ඔහු පෙන්වාදෙයි.
ජෙරොම් ප්‍රනාන්දු රටින් පිටවී සිංගප්පූරුවට ගිය දා සිට සිය සභාවට වීඩියෝ ඇමතුම් මගින් හෝ පූර්ව පටිගත කරන ලද වීඩියෝ මගින් දේශනා කරමින් සිටින බව වාර්තා වේ. ඔහු නැවත පැමිණෙන බවට ඔහුගේ සභාවට පොරොන්දු වී ඇත.
ඔහුගේ බිරිඳ මෙලනි ප්‍රනාන්දු සහ දරුවන් පසුගිය සතියේ ශ්‍රී ලංකාවට පැමිණි අතර, සිය ‘අනාගත වක්තෘවරයා’ නැවත ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා ‘යාච්ඤාවේ රැඳී සිටින ලෙස’ සභාව දිරිමත් කර ඇති බව පැවැසේ.
ජෙරොම් ප්‍රනාන්දමුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් සහ ඔහුගේ ධර්ම දේශනවලදී අන්‍ය ආගම් ගැන සඳහන් කරමින් කළ ආන්දෝලනාත්මක ප්‍රකාශ සම්බන්ධයෙන් මේ වන විට විමර්ශන සිදුවෙමින් පවතී.
(themorning)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart