
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නිවාඩු නිකේතනයක් වන නුවරඑළිය ‘ජෙනරල්ස් මන්දිරයේ’ කාමර වෙන්කරවා ගැනීමේදී අදාළ මන්ත්‍රීවරයා එහි සිටීම අනිවාර්ය කරමින් නව නීතියක් පැනවීමට පාර්ලිමේන්තු කාරක සභාව අවධානය කර ඇත.
මන්ත‍්‍රීවරුන්ගේ ඥාතීන් හෝ හිතවතුන් යැයි කියාගන්නා බොහෝ පුද්ගලයන් පසුගිය කාලයේ මෙම බංගලාවේ කාමර වෙන්කරගෙන ඇති බවට මන්ත‍්‍රීවරුන් කිහිපදෙනෙක් විසින් කරන ලද පැමිණිලි හේතුවෙන් මෙම සළකා බැලීම සිදුකරන බව වාර්තා සඳහන් කරයි.
පසුගිය වකවානුවේ එහි පැමිණි ඇතැම් පුද්ගලයන් නොසන්සුන්කාරී ලෙස හැසිරී ඇති අතර, එය නිවාඩු නිකේතනයේ නිවාඩුව ගතකරමින් සිටි අනෙකුත් මන්ත්‍රීවරුන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට බාධාවක් වී තිබේ.
බ්‍රිතාන්‍ය යටත් විජිත යුගයේ බංගලාවක් වන ජෙනරල්ස් හවුස්, මන්ත්‍රීවරුන් සහ ඔවුන්ගේ පවුල්වල ප්‍රයෝජනයට ලබා දෙන අතර, මන්ත්‍රීවරයෙකුට එහි කාමරයක් රුපියල් 1000ක් වැනි සහනාධායී මිලකට ලබා ගත හැකි වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart