
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දුමින්ද නාගමුව විසින් සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට අද(15)දා පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
එහිදී දුමින්ද නාගමුව පසුගිය2023.08.12 වෙනිදා පැවැති ජනමාධ්‍ය හමුවකදී ඇමැති ටිරාන් අලස් ජනතා විමුක්ති පෙරමුණ සමග එක්ව යුරෝපයේ දූපතක මුදල් ආයෝජනය කර ඇති බව පැවැසීය.
ඇමැති ටිරාන් අලස් අපරාධ විමර්ශන දෙපාර්තුමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් ඉල්ලා ඇත්තේ මෙම ප්‍රකාශය පිළිබඳව විමර්ශනයක් සිදුකරන ලෙසයි.
එහිදී මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් ප්‍රකාශ කර ඇත්තේ, තමා සැමවිටම තරාතිරම නොබලා නීතිය අකුරටම ක්‍රියාත්මක කිරීමට නියෝග දුන් බවත්, මෙම සිද්ධියේදීද එය එසේම ක්‍රියාත්මක වෙතැයි බලාපොරොත්තු වන බවත්ය.
විශේෂයෙන්ම මෙවැනි චෝදනාවන්හි සත්‍ය අසත්‍යතාව ජනතාව කඩිනමින් දැනගත යුතු බවත් ඇමැතිවරයා සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart