
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
විදුලිබල ක්ෂේත්රයේ සිදුකිරීමට නියමිත ප්‍රතිසංස්කරණ වෙනුවෙන් පිහිටුවීමට නියමිත ‘විදුලිබල අංශයේ ප්‍රතිසංස්කරණ ලේකම් කාර්යාලයට (PSRS)’ විදේශයන්ගෙන් වැටුප් ලබන නිලධාරීන් පත්කිරීමට විදුලිබල හා බලශක්ති ඇමැතිවරයා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ඉල්ලා ඇත.
ඉදිරිපත් කර ඇති කැබිනට් මණ්ඩල පත්‍රිකාවකට අනුව, විදුලිබල ක්ෂේත්රයේ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීම, අධීක්ෂණය කිරීම සහ අමාත්‍යාංශයේ මගපෙන්වීම යටතේ සංවර්ධන ආයතන විසින් බලමුලු ගන්වන ලද උපදේශකයන් වෙත පැවරෙන වෘත්තීය කටයුතු සම්බන්ධීකරණය කිරීම සඳහා මෙම ලේකම් කාර්යාලය වෙත වගකීම් පවරනු ලැබේ.
රජයට කිසිදු මූල්‍ය බරක් නොමැතිව අන්තර්ජාතික සංවර්ධන ආයතන මගින් මෙම නිලධාරීන්ගේ වේතනය ගෙවන බව ඇමැති විජේසේකර ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවේ සඳහන් වේ.
මෙම ලේකම් කාර්යාලය පිහිටුවීමට සහාය වන නියෝජිතායතන අතරට ආසියානු සංවර්ධන බැංකුව (ADB), ජපාන අන්තර්ජාතික සහයෝගිතා නියෝජිතායතනය (JICA), ලෝක බැංකුව (WB) සහ අන්තර්ජාතික සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනය (USAID) ඇතුළත් වේ.
ඒ අනුව PSRS හි ප්‍රධානියා ලෙස ආචාර්ය ප්‍රදීප් පෙරේරාට පත්වීම් ලිපියක් නිකුත් කිරීමට පියවර ගැනීම සඳහා අමාත්‍යාංශ ලේකම්වරයාට බලය පැවරීමටද ඇමැතිවරයා කැබිනට් අනුමැතිය ඉල්ලා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart