
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නුසුදුසු ඇඳුමකින් සැරසී සිටි ඇමැතිවරයකු පාර්ලිමේන්තු සභා ගර්භය තුළදී සිය කබාය ගැලවීම අශෝභන ක්‍රියාවක් බැවින්, අදාළ ඇමැතිවරයාට එරෙහිව වහාම පියවර ගන්නා ලෙස සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර අද කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.
සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහි විශ්වාසභංග යෝජනාවට අදාළ ඡන්ද විමසීම පැවැත්වෙන අවස්ථාවේදී සභා ගර්භයේ සිටි ඇමැතිවරයකු ඇඳ සිටි කබාය ගලවා ඉවත් කළ බව මන්ත්‍රීවරයා කියාසිටියේය.
එමනිසා අදාළ ඇමැතිවරයාගේ ඡන්දය අවලංගු කිරීමට පියවර ගන්නා ලෙසද මන්ත්‍රීවරයා ඉල්ලා සිටියේය.
ඊට පිළිතුරු දෙමින් කථානායකවරයා සඳහන් කරන ලද්දේ, සභා ගර්භය තුළදී එවැනි ඇඳුම් ඇඳීමෙන් වළකින ලෙස ඇමැතිවරයාට උපදෙස් දෙන නමුත්, ඇමැතිවරයාගේ ඡන්දය අවලංගු කිරීමට තමාට අයිතියක් නොමැති බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart