
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
යාපනය බන්ධනාගාරයේ හදිසි අවස්ථා සඳහා කලාපීය වශයෙන් කඩිනමින් ප්‍රතිචාර දැක්වීම සහ පවතින සන්නිවේදන කටයුතු වඩාත් ශක්තිමත් කිරීමේ අරමුණින්, රාජ්‍ය ආයතන කිහිපයක සහභාගීත්වයෙන් යුත් ඒකාබද්ධ සම්බන්ධීකරණ යාන්ත්‍රණයක් ස්ථාපිත කර තිබේ.
අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාරගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන ආරම්භ කෙරිණි.
ප්‍රාදේශීය මට්ටමින් රාජ්‍ය ආයතන අතර සමීප සන්නිවේදනයක් පවත්වා ගනිමින් හදිසි අර්බුදකාරී අවස්ථාවලදී ක්‍රියාත්මක වීම විධිමත් කිරීම සහ බන්ධනාගාරගතවූවන්ගේ සුබසාධනය ඉහළ නැංවීම මෙම පියවරේ ප්‍රධාන අරමුණයි. ඉදිරියේදී දිවයින පුරා පිහිටි සෙසු බන්ධනාගාර සඳහාද මෙම ඒකාබද්ධ යාන්ත්‍රණය හඳුන්වා දීමට නියමිතය.
මෙහිදී රාජ්‍ය නිලධාරීන් ඇමතූ අමාත්‍ය නානායක්කාර, මෙම ඒකාබද්ධ ජාලය පිහිටුවීමේ මුඛ්‍ය පරමාර්ථ පැහැදිලි කළ අතර බන්ධනාගාර තුළ ඇති වන හදිසි අවස්ථාවලදී අදාළ රාජ්‍ය ආයතන අතර පවතින කාර්යක්ෂම සහයෝගීතාවයේ වැදගත්කම පෙන්වා දුන්නේය.
නව යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීම පිළිබඳව පැවැති සාකච්ඡාවෙන් අනතුරුව, අධිකරණ අමාත්‍යවරයා යාපනය බන්ධනාගාරයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින් රැඳවියන්ගේ සුබසාධන පහසුකම් සහ පවතින තත්ත්වය පිළිබඳව සොයා බැලීය. එහිදී ඔහු බන්ධනාගාර මුළුතැන්ගෙය, කාන්තා අංශය සහ රක්ෂිත බන්ධනාගාර රැඳවුම් පහසුකම් ඇතුළු ස්ථාන කිහිපයක්ම නිරීක්ෂණයට ලක් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart