
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පසුගියදා පාර්ලිමේන්තුවේදී රාජ්‍ය ඇමැතිනි ඩයනා ගමගේට පහරදුන් බව කියන සිද්ධියට සම්බන්ධ මන්ත්‍රීවරුන් අද(06) එම සිද්ධිය සම්බන්ධයෙන් සොයාබැලීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන පත්කළ කමිටුව හමුවට කැඳවා තිබේ.
රාජ්‍ය ඇමැතිනි ඩයනා ගමගේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රෝහණ බණ්ඩාර සහ සුජිත් සංජය පෙරේරා යන අයගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමට නියමිත බව එම කමිටුවේ සභාපති නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ පවසයි.
සිද්ධිය සිදුවන අවස්ථාවේ පිරිස අසල සිටි රාජ්‍ය ඇමැති පියල් නිශාන්ත ද සිල්වාද කමිටුව විසින් කැඳවනු ලැබ තිඉබේ.
අනෙකුත් කමිටු සාමාජිකයන් වන්නේ චමල් රාජපක්ෂ, ගයන්ත කරුණාතිලක, ඉමිතියාස් බාකීර් මාකර් සහ රමේෂ් පතිරණ ය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart