
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ගම්පොළ, අම්බුළුවාව භූමියේ සිදුවන නීති විරෝධී ක්‍රියාකාරකම්වලට එරෙහිව නීතිමය පියවර ගැනීමට බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සහ අධිකරණ අමාත්‍යාංශය කටයුතු කරමින් සිටින බව අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත අද පැවසීය.
අම්බුළුවාවේ සිදුවන නීති විරෝධී ක්‍රියාකාරකම්වලට එරෙහිව පියවර ගන්නා ලෙස ප්‍රදේශයේ ජනතාව වසර ගණනාවක් තිස්සේ විවිධ ඉල්ලීම් කරමින් සිටින බව ඔහු වාර්තාකරුවන්ට පැවසීය.
මෙවැනි නීති විරෝධී ක්‍රියාකාරකම් සිදු වූ විට ජනතාව කඩිනම් පියවරක් අපේක්ෂා කරන බව පැවසූ අමාත්‍යවරයා, එසේ වුවත් නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කළ යුතු බව පැවසීය.
“අපට කැලෑ නීතිවලට යන්න බැහැ. ජනතාවගේ ඉල්ලීම් සැළකිල්ලට ගනිමින්, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සහ අධිකරණ අමාත්‍යාංශය නීතිමය පියවර ගනිමින් ඉන්නවා,” ඔහු පැවසීය.
අම්බුළුවාවේ ඉදිකිරීම් සඳහා රාජ්‍ය අරමුදල් නිදහස් කළ රාජ්‍ය නිලධාරීන්ට එරෙහිව පියවර ගන්නේද යන ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්, රාජ්‍ය නිලධාරීන්ට පමණක් නොව ලැබී ඇති පැමිණිලි මත පදනම්ව දේශපාලනඥයන්ට එරෙහිව ද පියවර ගන්නා බව අමාත්‍යවරයා පැවසීය.
“නීතිමය ක්‍රියාමාර්ග සඳහා පැමිණිලි විධිමත්ව අදාළ ආයතන වෙත ඉදිරිපත් කළ යුතුයි. මෙතෙක් ලැබී ඇති පැමිණිලි මත පදනම්ව අපි පියවර ගන්නවා. අතීතයේ දී දේශපාලන බලපෑම් නිසා පැමිණිලි කරන්න ජනතාව බය වුණා. දැන් ජනතාව පැමිණිලි කරන්න ඉදිරිපත් වෙනවා,” ඔහු පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart