
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අකාර්යක්ෂමතාව සහ ආරවුල් ඇතුළු ගැටලු රැසකට විසඳුම් සෙවීම සඳහා අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ ස්ථාන මාරුවක් සමඟින් ඇමැති මණ්ඩල හා රාජ්‍ය ඇමැතිවරුන්ගේ කුඩා පරිමාණයේ සංශෝධනයක් ළඟදීම සිදුවනු ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි.
මතභේද පවතින ඇතැම් ඇමැතිවරුන් සහ රාජ්‍ය ඇමැතිවරුන් වෙනස් කිරීමත්, ඉලක්ක සපුරා ගැනීමට සහ කාර්යක්ෂමතාව වැඩිකර ගැනීමට නොහැකි වූ ඇමැතිවරුන් කිහිපදෙනකු මාරුකිරීමත් මෙම සංශෝධනයේදී දැකගත හැකිවනු ඇතැයි පැවැසේ.
ඇමැතිවරුන්ගේ සහ ඔවුන්ගේ අමාත්‍යාංශවල කාර්ය සාධනය ඇගයීමෙන් පසු සංශෝධනයේදී පැවැරිය යුතු අමාත්‍යාංශ මේ වන විට තෝරාගෙන ඇති බව වාර්තා සඳහන් කරයි.
රාජ්‍ය ඇමැතිවරුන් විසින් තමන්ට නිශ්චිත රාජකාරි පැවරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් අප්‍රසාදය පළකර ඇති ඇතැම් කරුණු ද ජනාධිපතිවරයාගේ අවධානයට ලක්ව තිබේ.
පසුගිය සඳුදා දින රාජ්‍ය ඇමැතිවරු අගමැති දිනේෂ් ගුණවර්ධන හමුවී තම ගැටලු ප්‍රකාශ කළහ.
රාජ්‍ය අමාත්‍යාංශයට ලේකම්වරයකු පත් නොකිරීම, ඇතැම් අමාත්‍යාංශ ලේකම්වරුන් විශ්‍රාම යන වයසෙන් පසුව අකාර්යක්ෂමතාවයට හේතු වන පරිදි ඇගයීම් ක්‍රියාවලියකින් තොරව කටයුතු කිරීම සහ ඇතැම් රාජ්‍ය අමාත්‍යාංශ නිලධාරීන් වරප්‍රසාද භුක්ති විඳිමින් නිශ්ශ්බ්ධව සිටීම වැනි ගැටලු මෙහිදී මතුව තිබේ.
රාජ්‍ය අමාත්‍යාංශ සඳහා ලේකම්වරුන් පත්කිරීම, රාජකාරි හා කාර්යයන් පැවරීම, රාජ්‍ය ඇමැතිවරුන්ගේ පෞද්ගලික කාර්ය මණ්ඩලය යථා තත්ත්වයට පත්කිරීම සහ රාජ්‍ය අමාත්‍යාංශ සඳහා අයවැයක් වෙන්කළ යුතු බව, මෙලෙස ඉදිරිපත් කළ ඉල්ලීම් අතර විය.
ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් පළාත් ආණ්ඩුකාරවරුන් සමඟ කටයුතු කිරීමට තමන්ට බලය ලබාදිය යුතු බවද ඔවුහු ඉල්ලා සිටියහ.
අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ කාර්ය සාධනය ඇගයීම මත ස්ථාන මාරුවීම් ලබාදීමට නියමිත බව පැවැසේ.
ඔවුන්ගේ කාර්ය සාධනය නිරීක්ෂණය කිරීම සඳහා ලකුණු කාඩ්පත් ක්‍රමයක් මීට පෙර ජනාධිපති කාර්යාලය විසින් හඳුන්වා දෙන ලදී.
ලේකම්වරුන් අනෙකුත් අමාත්‍යාංශ සමඟ සම්බන්ධීකරණය කිරීමට අපොහොසත් වූ අවස්ථා සහ ඔවුන්ගේ කාර්ය සාධනය අසාර්ථක වූ අවස්ථා ජනාධිපතිවරයාගේ අවධානයට ලක්වන බව ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart