
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කල්ඉකුත් වූ කිරිපිටි කිලෝ 825ක තොගයක් විකිණීමට සූදානම් කර තිබියදී පිටකොටුවේ තොග අලෙවිසැලකින් ඊයේ (22) සොයාගත් බව පාරිභෝගික අධිකාරිය කියයි.
අයිස්ක්රීම් සහ රසකැවිලි නිෂ්පාදකයන්ට අලෙවි කිරීම සඳහා මෙම කල්ඉකුත් වූ කිරිපිටි තොගය ගබඩාකර තිබී ඇතැයි හෙළි වූ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කරයි.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ වැටලීම්, හා විශේෂ විමර්ශන ඒකකය පිටකොටුවේ තොග අලෙවිසැල්වල කළ විශේෂ පරීක්ෂාවකදී මෙම කිරිපිටි තොගය සොයා ගෙන ඇත.
එම තොග වෙළෙඳසැල්හිමියාට විරුද්ධව නඩු පැවරීමට කටයුතු කරන බවද එම අධිකාරිය කියයි.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති නීතිඥ ශාන්ත නිරිඇල්ලගේ උපදෙස් මත වැටලීම් සහ විශේෂ විමර්ශන ඒකකයේ අධ්යක්ෂ සංජය ඉරසිංහගේ අධීක්ෂණය යටතේ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීහු මෙම වැටලීම කර තිබේ.(ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart