March 31, 2026

පාතා­ලයේ ප්‍රබල මත්කුඩු ජාවා­ර­ම්ක­රු­වෙක් වූ හරක් කටා රැඳ­වුම් නියෝග මත රඳවා සිටි­යදී අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වට ප්‍රහා­ර­යක් එල්ල­කර ඔහුව මුදාගැනී­මට සැල­සුම් කළ බව කියන මිදි­ගම චූටි නමැති මත්කුඩු ජාවා­ර­ම්කරු ඕමා­නයේ සිට ඊයේ (30) අලු­යම රැගෙන එනු ලැබීය.

අන්තර්ජාතික පොලී­සිය මඟින් රතු නිවේ­ද­න­යක් ද නිකු­ත්කර ඇති මිදි­ගම චූටි ඕමා­නයේ දී එරට ආර­ක්ෂක අංශ මගින් අත්අ­ඩං­ගු­වට ගනු ලැබුවේ පසු­ගිය වසරේ ජුනි මාස­යේ­දීය.

ඕමාන් ආර­ක්ෂක බල­ධා­රින් ඒ සම්බ­න්ධ­යෙන් අන්තර්ජාතික පොලී­සිය මගින් මෙර­ටට නිල වශ­යෙන් දැනු­ම්දී­මක් ද කර තිබිණි.

ඒ අනුව මිදි­ගම චූටි සම්බ­න්ධ­යෙන් වූ ගොනු උද­ර්පන නීති ප්‍රකා­රව ඕමා­නය වෙත යොමු කිරී­මට ද මෙරට බල­ධා­රින් පිය­වර ගෙන තිබිණි.

එහි ප්‍රති­ඵ­ල­යක් ලෙස මිදි­ගම චූටි නමැති මෙම සැක­කරු මෙර­ටට භාර­දී­මට ඕමාන් බල­ධා­රින් එක­ඟ­තා­ව­කට පත්ව ඇත.

එහෙත් ඔහු සම්බ­න්ධ­යෙන් එරට අධි­ක­ර­ණයේ නඩු කට­යු­ත්තක් ආර­ම්භව පැවැති බැවින් එය අව­ස­න්වන තුරු බලා සිටී­මට සිදුව තිබේ.

එම නඩු කට­යුතු මෙම මස මුල දී අව­සන් වූවත් මැද­පෙ­ර­දිග කලා­පයේ පැවැති යුද්ධය හේතු­වෙන් මිදි­ගම චූටි මෙර­ටට රැගෙන ඒම දින ගණ­නා­වක් ප්‍රමාද වී තිබිණි.

ඕමා­නය සහ ශ්‍රී ලංකාව අතර ගුවන් ගමන් සැල­කිය යුතු මට්ට­ම­කින් ආරම්භ වීමත් සමඟ දින කිහි­ප­ය­කට පෙර අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ විශේෂ ‌පොලිස් කණ්ඩා­ය­මක් ඕමා­න­යට ගොස් මිදි­ගම චූටි සිය භාර­යට ගෙන මෙර­ටට රැගෙන ඒමට පිය­වර ගෙන තිබේ.

ඕමා­නයේ මස්කට් නුවර සිට අලු­යම 04.27ට පැමිණි ස්ලාම් එයාර් ගුව­න්සේ­වයේ ඕ.වී.- 437 දරන ගුව­න්යා­න­යෙන් කටු­නා­යක ගුව­න්තො­ටු­පොළ වෙත රාජ­පක්ෂ පති­ර­ණ­ලාගේ ප්‍රභාත් මධු­සංඛ නොහොත් මිදි­ගම චූටි නමැති 38 හැවි­රිදි මෙම සැක­කරු රැගෙන එනු ලැබීය.

ගුව­න්තො­ටු­පොළේ දී අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ නිල­ධා­රීන් විසින් අන­තු­රුව ඔහුව අත්අ­ඩං­ගු­වට ගනු ලැබීය.

දැඩි ආර­ක්ෂා­වක් සහි­තව අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේන්තු ගොඩ­නැ­ඟිල්ල වෙත කටු­නා­යක සිට රැගෙන ආ මිදි­ගම චූටි රැඳ­වුම් නි‍යෝග මත රඳ­වා­ගෙන විම­ර්ශන පැවැ­ත්වී­මට නිය­මි­තය.

මැඩ­ග­ස්ක­රයේ දී එරට ආර­ක්ෂක අංශ විසින් 2023 වසරේ ජුනි මාසයේ දී අත්අ­ඩං­ගු­වට ගත් හරක් කටා සහ කුඩු සලිදු මෙර­ටට රැගෙන එනු ලබන්නේ එම වස­රේම ජුනි 30 වැනි­දාය.

රැඳ­වුම් නියෝ­ග­මත ඔවුන් රඳවා සිටි‍ෙය් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව තුළය.

අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත‍මේ­න්තුවේ සේවයේ නිරත දූෂිත පොලිස් නිල­ධා­රීන්ගේ සහය ඇතිව හරක් කටාව පැන්නී­ම­ටත් එය අසා­ර්ථක වූ තැන අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වට ප්‍රහා­ර­යක් එල්ල­කර හරක් කටාව මුදාගැනී­ම­ටත් මිදි­ගම චූටි විසින් සැල­සු­ම්කර තිබේ.

ඒ සඳහා ඔහුට සහය වී ඇත්තේ හරක් කටාගේ තවත් ප්‍රධාන ගෝල­යෙක් වන මිදි­ගම රුවන් බව සඳ­හන් විය.

ඩුබා­යිහි රැඳී සිටි මිදි­ගම රුවන් 2024 වසරේ දී එරට පොලී­සිය විසින් අත්අ­ඩං­ගු­වට ගෙන තිබුණේ රාත්‍රී සමාජ ශාලා­වක වූ ගැටු­මක් සම්බ­න්ධ‍යෙනි.

ඔහුව ද ඩුබායි සිට 2024 වසරේ මැයි මාසයේ දී මෙර­ටට රැගෙන එනු ලබන්නේ අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත‍‍ෙ­ම්න්තුවේ වි‍ෙශ්ෂ පොලිස් කණ්ඩා­ය­මක් විසිනි.

රැඳ­වුම් නියෝග මත රඳවා සිටි ඔහු ‍ෙම් වන විට සිටින්නේ බූස්ස බන්ධ­නා­ගා­ර­යේය.

වැලි­ගම ප්‍රාදේ­ශීය සභාවේ සභා­ප­ති­ව­ර­යාව සිටි ලසන්ත වික්‍ර­ම‍සේ­කර ඝාත­න­යද ඔහු විසින් බන්ධ­නා­ගා­රයේ සිට මෙහෙ­යවා ඇති බව අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත‍මේ­න්තුව විසින් සිය විම­ර්ශ­න­ව­ලින් අනා­ව­ර­ණය කර­ගෙන තිබිණි.

එම ඝාත­නය සිදු­වන විට වැලි­ගම චූටි සිටින්නේ ඕමාන් ආර­ක්ෂක අංශ භාර‍යේය.

මොහු එරට අත්අ­ඩං­ගු­වට පත්වී­මෙන් පසු හෘද­යා­බා­ධ­යක් වැළඳුණු බවට බොරු රඟ­පෑ­මක් කර ඇති බව­ටද වාර්තාවේ.(දිනමිණ)