
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ලොව දැවැන්තම තාක්ෂණික සමාගමක් වන මයික්‍රොසොෆ්ට් සේවක කප්පාදුවක් සිදුකර ඇතැයි වාර්තා වේ.
කෙසේවෙතත් එම සමාගම පවසන්නේ, කළමනාකාරිත්වයේ අනවශ්‍ය ස්ථර කපාහරිමින් නව තාක්‍ෂණයේ ප්‍රතිලාභ අත්පත් කරගන්නා බවයි.
එහෙත් එම සමාගම ලොව පුරා විසිර සිටි දහස් ගණනක් සේවකයන් ඉවත් කර ඇතැයි විදෙස් ජනමාධ්‍ය වාර්තා කර තිබේ.
මයික්‍රොසොෆ්ට් සමාගම සේවයෙන් පකරන ලද මුළු සේවකයන් සංඛ්‍යාව හෙළිනොකළ නමුත් අමෙරිකානු ජනමාධ්‍ය වාර්තා කළේ එම සංඛ්‍යාව 6,000ක් පමණ විය හැකි බවයි.
ඇතැම් ජනමාධ්‍ය වාර්තා අනුව එම සංඛ්‍යාව මයික්‍රොසොෆ්ට් සමාගමේ ගෝලීය ශ්‍රම බලකායෙන් සියයට තුනක් පමණ වනු ඇත.
එම ජනමාධ්‍ය වාර්තා අනුව වොෂින්ටනයේ පිහිටි එහි ප්‍රධාන කාර්යාලයෙන් සේවකයන් 1,985 ක් පමණ ඉවත් කර තිබේ.
කෙසේවෙතත් මයික්‍රොසොෆ්ට් සමාගමේ ප්‍රකාශකයකු විද්‍යුත් තැපෑලෙන් ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා ඇත්තේ, සමාගම සාර්ථක කරගැනීම සඳහා මෙන්ම එය වඩාත් හොඳින් ස්ථානගත කිරීම සඳහා අවශ්‍ය ආයතනික වෙනස්කම් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි.
සිය සියලු නිෂ්පාදන හරහා AI යෙදවීමේ සැලසුම් අනුව ඉදිරියට යමින් සිටින සමාගම, නව තාක්ෂණයන් සහ හැකියාවන් උපයෝගී කරගනිමින් අර්ථවත් වැඩකටයුතු කෙරෙහි වැඩි අවධානයක් යොමුකිරීමට සේවකයන්ට බලය ලබාදීමේ ක්‍රියාවලියක යෙදීසිටින බව ද ඔහු පවසා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart