
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෙක්සිකෝවේ වෙරක්රුස් නගරයේ ටෙක්සිස්ටෙපෙක් ප්‍රදේශයේ පැවති මැතිවරණ රැළියක් අතරතුර නගරාධිපති අපේක්ෂිකාවක සහ ඇයගේ ආධාරකරුවන් තිදෙනෙකු වෙඩිතබා ඝාතනය කර ඇත.
දහවල් කාලයේ ජනතාව අතරදී ප්‍රසිද්ධියේම සිදුකර තිබූ ප්‍රහාරයට සම්බන්ධ දර්ශන ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන අතර එහිදී වෙඩි හඬ නැඟෙන විට මිනිසුන් දුවමින් කෑගසනු දැකගත හැකිය.
මොරේනා පක්ෂයේ අපේක්ෂක යෙසෙනියා ලාරා, ජනාධිපති ක්ලෝඩියා ෂයින්බෝම්ගේ පක්ෂයෙන් නගරාධිපතිනිය වීමට ඉදිරිපත් වූවාය.
වෙඩිතැබීම සිදුවීමට පැය කිහිපයකට පෙර, ඇය සිය ප්රචාරක ක්‍රියාකාරකම්වල ඡායාරූප ෆේස්බුක් හි බෙදාගෙන ඇති අතර, “තාරුණ්‍යයේ ශක්තිය සෑම දිනකම දිගටම ඇවිදීමට මා පොළඹවන ශක්තියයි” යනුවෙන් එහි සඳහන් කර තිබිණි.
ආධාරකරුවන් මොරේනා වෙත ධජ ඔසවා ආචාර කරන විට වෙඩික්කරුවන් යතුරුපැදි පෙළපාලියකට වෙඩිතබා තිබිණි.
ඇතැම් වීඩියෝ මගින් නිරූපණය වන්නේ වෙඩි වැදුණු පුද්ගලයින්ගේ සිරුරු බිම වැටී තිබෙන ආකාරයයි.
වෙරක්රුස් ආණ්ඩුකාර Rocio Nahle පැවසුවේ මොරීනා සහ ඇගේ ආධාරකරුවන් බියගුලු ලෙස ඝාතනය කිරීමට වගකිව යුතු පුද්ගලයන් ඉක්මණින් සොයාගන්නා බවයි.
කිසිම තනතුරක් පුද්ගලයෙකුගේ ජීවිතය තරම් නොවටිනා බව ද ඇය පවසා ඇත.
ප්‍රහාරය සම්බන්ධයෙන් රජයේ නීතිපති කාර්යාලය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart