May 17, 2025

රූපලාවන්‍ය කටයුතු සහ වේශ නිරූපණය පිළිබඳ වීඩියෝ සඳහා ප්‍රසිද්ධියක් උසුලන මෙක්සිකානු සමාජ මාධ්‍ය ක්‍රියාකාරිනියක සජීවී ටික්ටොක් විකාශයක් අතරතුරදී වෙඩි තබා ඝාතනය කර තිබේ.

23 හැවිරිදි වැලරියා මාකේස් නම් එම කාන්තාවගේ මරණය ස්ත්‍රී පුරුෂභාවය හේතු කොට ගෙන කාන්තාවන් හෝ ගැහැණු ළමුන් ඝාතනය කිරීම සම්බන්ධ කාණ්ඩය යටතේ විමර්ශනය කෙරෙන බව මෙක්සිකාවේ ජාලිස්කෝ ප්‍රාන්ත අභිචෝදකයා නිකුත් කළ නිවේදනයක දැක්වේ.

මෙක්සිකානු බලධාරීන්ට අනුව, මෙම ඝාතනයට අවමන් සහගත ප්‍රචණ්ඩත්වය, ලිංගික අපයෝජනය, ඝාතකයා සමඟ පැවති සම්බන්ධතාවක් හෝ කාන්තාව සිය සිරුර පොදු ස්ථානයක නිරාවරණය කිරීම ඇතුළත් විය හැකිය.

මාකේස් පසුගිය අඟහරුවාදා සැපොපන් නගරයේ ඇය සේවය කළ රූපලාවන්‍යාගාරයේදී ඊට ඇතුළු වී වෙඩි තැබූ පුද්ගලයකු විසින් ඝාතනය කරන ලද බව ප්‍රකාශයේ සඳහන් විය.

නඩු පවරන්නන් විසින් සිද්ධිය සඳහා සැකකරුවකු නම් කර නැත.

සිද්ධියට තත්පර කිහිපයකට පෙර, මාකේස් ඇගේ ටික්ටොක් සජීවී විකාශයේ මේසයක වාඩි වී සිටිනු දක්නට ලැබිණි.

“ඒගොල්ලෝ එනවා” යැයි කිසිවකු පවසන අතර පසුබිමෙන් “හේයි, වේල්?” යනුවෙන් කියන කටහඬක් ද ඇසී තිබේ.

සජීවී විකාශයේ ශබ්දය නිහඬ කිරීමට(Mute) ටික වේලාවකට පෙර “ඔව්,” යනුවෙන් මාර්කේස් පිළිතුරු දෙනු ද ඇසී ඇත.

ඉන් මොහොතකට පසු, ඇයට වෙඩි තබා ඝාතනය කර තිබේ.

පුද්ගලයකු ඇගේ දුරකථනය ලබා ගන්නා බවක් වීඩියෝව අවසන් වීමට පෙර සජීවී විකාශයෙන් දිස්වී තිබිණි.

ඉන්ස්ටග්‍රෑම් සහ ටික්ටොක් හරහා අනුගාමිකයන් 200,000කට ආසන්න සංඛ්‍යාවක් සිටි මාර්කේස්, සජීවී විකාශයේ දී පවසා තිබුණේ තමන් නොසිටි අවස්ථාවක කිසියම් අයකු ‘මිල අධික තෑග්ගක්’ රැගෙන සැලෝන් එකට පැමිණ ඇති බවයි.

කණස්සල්ලට පත් වූ බවක් පෙනෙන්නට තිබූ මාර්කේස් ප්‍රකාශ කර ඇත්තේ එම පුද්ගලයා නැවත පැමිණෙන තෙක් බලා සිටීමට තමන් සැලසුම් නොකරන බවය.

ලතින් අමෙරිකාව සහ කැරිබියන් සඳහා වූ එක්සත් ජාතීන්ගේ ආර්ථික කොමිසමේ නවතම දත්තවලට අනුව 2023 දී මෙක්සිකෝවේ කාන්තාවන් 100,000කටම එවැනි මරණ 1.3ක් බැගින් වාර්තා වී තිබේ.

ලතින් අමෙරිකාව සහ කැරිබියන් කලාපයේ කාන්තා ඝාතන අනුපාතවල සිව්වැනි ඉහළම රටවල් ලෙස පවතින පැරගුවේ, උරුගුවේ සහ බොලිවියාව සමඟ මෙක්සිකෝව සමපාත වන්නේ එම නවතම මරණ අනුපාත වාර්තාව සමගය.

දත්ත උපදේශන TResearch ආයතනයට අනුව 2024 ඔක්තෝබර් මාසයේදී ජනාධිපති ක්ලෝඩියා ෂයින්බෝම්ගේ ධුර කාලය ආරම්භ වූ දා සිට එවැනි ඝාතන 906ක් වාර්තා වී ඇත.