
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ලියොනෙල් මෙසී සහ කිලියන් ම්බාපේ දැනටමත් පාපන්දු ලෝක කුසලාන ඉතිහාසය උඩුයටිකුරු කර ඇති අතර, 2026 ලෝක කුසලාන තරගාවලියේදී වැඩිම ගෝලලාභියා ලෙස තනිවම පෙරමුණ ගැනීමට ආර්ජන්ටිනාවේ සුපිරි ක්‍රීඩක ලියොනෙල් මෙසී සමත්ව තිබේ.
පැරිස් සැන්ට් ජර්මේන් සමාජයේ හිටපු කණ්ඩායම් සගයන් වන ආර්ජන්ටිනා නායක මෙසී සහ ප්‍රංශ නායක ම්බාපේ දෙදෙනාගේම ඉලක්කය වූයේ ජර්මනියේ මිරොස්ලාව් ක්ලෝස් සතු කරගෙන තිබූ වැඩිම ලෝක කුසලාන ගෝල සංඛ්‍යාවේ වාර්තාව බිඳදැමීමයි.
ජූනි 22 වැනිදා ඔස්ට්‍රියාවට එරෙහිව පැවැති තරගයේදී මෙසී සිය 17 වැනි ලෝක කුසලාන ගෝලය (මෙම තරගාවලියේ සිව්වැන්න) වාර්තා කරමින් ක්ලෝස්ව සම කිරීමට සමත්විය. ඉන් නොනැවතුණු ඔහු තරගය අවසන් වීමට සුළු මොහොතකට පෙර තවත් ගෝලයක් වාර්තා කරමින් සිය සමස්ත ලෝක කුසලාන ගෝල සංඛ්‍යාව 18ක් දක්වා ඉහළ නංවා ගත්තේය. ජූනි 22 වන විට මෙසී ගෝල 18ක් ද, මබාපේ ගෝල 15ක් ද ලබාසිටී.
ලෝක කුසලාන තරගාවලි 4කට ක්‍රීඩාකර ඇති ජර්මනියේ මිරොස්ලාව් ක්ලෝස් ගෝල 16ක් ලබාගෙන තිබේ. ඔහු 2014 ලෝක කුසලාන ශූරතාවය සහ 2006 ලෝක කුසලාන රන් සපත්තුව (Golden Boot) දිනාගත් ක්‍රීඩකයාය. ජර්මනිය වෙනුවෙන් වැඩිම ගෝලලාභියා වන ක්ලෝස් (ජාතික කණ්ඩායම වෙනුවෙන් ගෝල 71ක්), ලෝක කුසලාන තරගාවලි 3කදී අවම වශයෙන් ගෝල 4 බැගින් වාර්තා කළ එකම ඉදිරිපෙළ ක්‍රීඩකයා ද වේ.
2014 ලෝක කුසලාන අවසන් පූර්ව තරගයේදී ජර්මනිය විසින් බ්‍රසීලය 7-1ක් ලෙස පරාජය කළ ඓතිහාසික රාත්‍රියේදී ක්ලෝස් සිය වාර්තාගත ගෝලය වාර්තා කළේය. එම අවස්ථාව වන විට මෙසී ලබාසිටියේ ලෝක කුසලාන ගෝල 5ක් පමණි. ම්බාපේ එකල මොනාකෝ තරුණ ඇකඩමියේ සිය පළමු තරග වාරය නිමා කරමින් ප්‍රංශ 17න් පහළ කණ්ඩායමට ක්‍රීඩාකරමින් සිටියේය.
ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම ගෝලලාභීන් (ජූනි 22 දිනට):
– ලියොනෙල් මෙසී – ගෝල 18
– මිරොස්ලාව් ක්ලෝස්– ගෝල 16
– කිලියන් මබාපේ – ගෝල 15
– රොනාල්ඩෝ (බ්‍රසීලය) – ගෝල 15
– ගර්ඩ් මුලර් – ගෝල 14
– ජස්ට් ෆොන්ටේන් – ගෝල 13 (එක් තරගාවලියකදී ලබාගත්)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart