
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2023 වසර වන විට ලොව පුරා මානසික ආබාධවලින් පෙළෙන පුද්ගලයන් සංඛ්‍යාව බිලියන 1.2ක් දක්වා ඉහළ ගොස් ඇති අතර එය 1990 වසරට සාපේක්ෂව 95.5%ක විශාල වැඩිවීමක් බව ‘ද ලැන්සෙට්’ සඟරාවේ පළ වූ නවතම අධ්‍යයනයකින් පෙනීගොස් තිබේ.
පසුගිය වසරේදී බහුලවම වාර්තා වූ මානසික ආබාධ වන්නේ කාංසාව සහ විශාදය වන අතර, 1990 වසර හා සසඳන විට කාංසා රෝගීන්ගේ සංඛ්‍යාව 158%කින් ද, විශාද රෝගීන්ගේ සංඛ්‍යාව 131%කින් ද ඉහළ ගොස් ඇත.
රටවල් සහ ප්‍රදේශ 204ක් ආවරණය වන පරිදි 2023 ගෝලීය රෝග, අනතුරු සහ අවදානම් සාධක පිළිබඳ අධ්‍යයනය (GBD) මගින් ලබාගත් දත්ත විශ්ලේෂණය කර ඇති පර්යේෂකයන් අනතුරු අඟවා සිටින්නේ, ලෝකය මානසික ආබාධවල බරපතළම අවධියකට පිවිසෙමින් පවතින බවටයි.
භින්නෝන්මාදය, ඕටිසම්, ඒ.ඩී.එච්.ඩී. (ADHD) සහ ආහාර ගැනීමේ අක්‍රමිකතා ඇතුළු තවත් මානසික රෝග ගණනාවක් පිළිබඳව මෙහිදී අධ්‍යයනය කර ඇති අතර, භින්නෝන්මාදය සහ ආහාර ගැනීමේ අක්‍රමිකතා අඩුම සංඛ්‍යාවක් වාර්තා වුවද එම තත්ත්වයන්ගෙන් ද මිලියන ගණනක් පීඩාවට පත්ව සිටිති.
කොවිඩ්-19 වසංගතය තුළ විශාදය වේගයෙන් වර්ධනය වී තිබිණි.
එය තවමත් වසංගතයට පෙර පැවති මට්ටමට පහළ ගොස් නොමැති අතර, කාංසාව ද වසංගත කාලයේ පැවති ඉහළ මට්ටමේම 2023 වසර පුරා ද පැවතීම විශේෂත්වයකි.
දැනට ලොව පුරා බොහෝ පුද්ගලයන්ගේ ආබාධිත තත්ත්වයන්ට ප්‍රධාන හේතුව මානසික ආබාධ වී ඇති අතර, කාන්තාවන් සහ වයස අවුරුදු 15ත් 39ත් අතර පුද්ගලයෝ ඉන් වැඩි වශයෙන්ම පීඩාවට පත්ව සිටිති.
මීට පෙර දශක කිහිපයකදී මධ්‍යම වයස් කාණ්ඩයේ වැඩිම බලපෑමක් දක්නට ලැබුණද, පළමු වරට වයස අවුරුදු 15ත් 19ත් අතර තරුණ පිරිස අතර මානසික රෝගී තත්ත්වයන්ගේ උපරිම බලපෑම වාර්තා වී තිබේ.
වොෂින්ටන් විශ්වවිද්‍යාලයේ සෞඛ්‍ය මිනුම් සහ ඇගයීම් ආයතනය විසින් මෙහෙයවනු ලබන මෙම ගෝලීය අධ්‍යයනය, ගේට්ස් පදනම මගින් මූලිකව අරමුදල් සපයනු ලබන ලොව පුරා සෞඛ්‍ය ප්‍රවණතා මැන බැලීම සඳහා සිදු කෙරෙන පුළුල්ම සහ විස්තීර්ණම වැඩසටහන වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart