
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ලෝක කුසලාන තරගාවලිය කට උඩ තිබියදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්ව වෙනසක් සිදු කිරීමේ අමනෝඥ තීරණයකට සැරසෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග පවසයි.
ඒ අනුව නිත්‍ය නායක දසුන් ශානක ඉවත්කර, ඒ වෙනුවට පත්කිරීමට සූදානම් වන්නේ කුසල් මෙන්ඩිස් බව පැවැසේ.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් මෙම තීරණයට අප්‍රසාදය පළ කර ඇතැයි ද වාර්තා වේ.
දසුන් වෙනුවට ඇන්ජලෝ මැතිව්ස් කණ්ඩායමට කැඳවීමටද තීරණය කර ඇති බව පැවැසේ.
එමෙන්ම ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න ඉවත් කර අවිශ්ක ප්‍රනාන්දු කැඳවීමේ සූදානමක් ද පවතී.
ශ්‍රී ලංකා කණ්ඩායම සතු දක්ෂතම දඟපන්දු යවන්නා වන වනිඳු හසරංගට ලෝක කුසලාන තරගාවලිය අහිමි වීමේ වැඩි සම්භාවිතාවක් ඇති බවද ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි.
ආබාධයෙන් අනතුරුව පළමුවරට ඊයේ පුහුණු සැසියකට එක් වූ වනිඳුගේ ආබාධය යළි වර්ධනය වී ඇති බවයි එම ආරංචි මාර්ග සිලොන්වයර් වෙත පැවසුවේ.
ඒ අනුව වනිඳු අද යළි ස්කෑන් පරික්ෂණයට යොමුකිරීමට නියමිතය.
දුෂ්මන්ත චමීරගේ ශාරීරික යෝග්‍යතාව ද ගැටලු සහගත බව වාර්තා වේ.
ඔහු ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ ඊයේ පැවති පුහුණු සැසියට එක්ව සිටි නමුත් පන්දු යැවීම සිදුකර තිබුණේ නැත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart