
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජනාධිපති අනුර කුමාර දිසානායක සහ දකුණු අප්රිකානු ජනරජයේ හිටපු ජනාධිපති තාබෝ ම්බෙකි (Thabo Mbeki) අතර හමුවක් අද (26) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදුවිය.
මෙය සිය ප්රථම ශ්රී ලංකා සංචාරය මෙය බවත්, ශ්රී ලංකාවේ ජාතික සමඟිය හා සංහිඳියාව සම්බන්ධයෙන් පසුගිය කාලයේ තමන් උනන්දුවෙන් පසු වූ බවත් පැවසූ හිටපු ජනපති ම්බෙකි, මෙවැනි කාලයක ශ්රී ලංකාවේ සංචාරය කිරීමට ලැබීම සතුටට කරුණක් බව සඳහන් කළේය.
දකුණු අප්රිකාව හා ශ්රී ලංකාව භූ ගෝලීය වශයෙන් දුරස්ථ වුවද, විවිධ ජාතීන්, ආගම් සහ සංස්කෘතින් පැවතීම හේතුවෙන් දෙරටෙහි සමානත්වයක් පවතින බව ඔහු පැවසීය. එසේම, සාමය හා සංහිඳියාව ළඟා කර ගැනීමේදී දෙරටටම එකම ආකාරයේ අභියෝග පවතින බවත්, විවිධත්වයක් සහිත සියලු ජන කණ්ඩායම් එක මාවතකට ගැනීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් උගත් පාඩම් සහ අත්දැකීම් ශ්රී ලංකාවේ ජනාධිපතිවරයා සමඟ බෙදා ගැනීමට තමා කැමති බවත් හිටපු ජනපති ම්බෙකි ප්රකාශ කළේය.
විවිධත්වයක් සහිත ජන කණ්ඩායම් එකට එකතු කර ගනිමින්, පවතින ආර්ථික අභියෝග හා ජාතික සංහිඳියාව පිළිබඳ අභියෝග ජය ගැනීමට ශ්රී ලංකාවේ ජනාධිපතිවරයාට හැකි බවට ම්බෙකි මෙහිදී විශ්වාසය පළ කළේය.
ජාතීන් අතර සමඟිය වර්ධනය කිරීමටත්, රට මුහුණ දී ඇති ආර්ථික අභියෝග ජයග්රහණය කරමින් ඉදිරියට ගෙන යාමටත්, තමා ඇපකැප වී සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මෙහිදී පැවසීය. (PMD)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart