
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය ප්‍රතිසංස්කරණය කළයුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ විසින් කරන ලද ඉල්ලීමකට අනුව, නාමල් රාජපක්ෂ ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 06 දෙනෙක්ට කැබිනට් ඇමැතිධුර පිරිනැමීමට නියමිත බවට පළ වූ පුවතක ඡායාරූපයක් මන්ත්‍රීවරයා සිය ට්විටර් ගිණුමට වෙත යොමු කරමින් එසේ සඳහන් කර තිබේ.
ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ ප‍්‍රංශ සංචාරය නිමා කිරීමෙන් අනතුරුව මෙම පත්වීම් ප‍්‍රදානය කිරීමට නියමිත බවද එම පුවතෙහි වාර්තා කර ඇත.
එහි පළ වී ඇති තොරතුරු තමාට ද අලුත් ප්‍රවෘත්තියක් වන අතර, මෙවැනි තත්ත්වයන් හේතුවෙන් ජනමාධ්‍ය ප්‍රතිසංස්කරණවල දැඩි අවශ්‍යතාවය ඉස්මතු කරන බව ඔහු සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart