
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
එක්තරා ජනමාධ්‍ය ආයතනයක් විසින් ජාතික ජන බලවේගයේ නායකයන්ගෙන ඇසීම සඳහා විශේෂ ප්‍රශ්න සකස් කර සිය ජනමාධ්‍යවේදීන්ට ලබාදී ඇති බව එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක ඊයේ අනාවරණය කළේය.
අනුර දිසානායක ඊයේ සහභාගී වූ ජනමාධ්‍ය හමුවකදී ඔහුට ප්‍රශ්නයක් යොමුකරමින් ජනමාධ්‍යවේදියෙක් විමසන ලද්දේ, ජාජබ පාලනයක් යටතේ එම පක්ෂයේ නායකයකු වන ලාල්කාන්තට පොලිසිය භාර ඇමැති ධූරය ලබාදෙන්නේදැයි කියාය.
ඊට පිළිතුරු ලබාදෙමින් අනුර දිසානායක ප්‍රකාශ කළේ, එම ප්රශ්නය ලාල්කාන්තගෙන් අසන ලෙසට අදාළ ජනමාධ්‍ය ආයතනය ජනමාධ්‍යවේදින්ට උපදෙස් ලබාදී ඇති බව තමා දන්නා බවත්, ඊට අදාළව ජනමාධ්‍යවේදීන්ට එම ආයතනය විසින් යොමුකළ කෙටි පණිවිඩය තමා සතුවද පවතින බවත්ය.
කෙසේවෙතත් ඇතැම් ජනමාධ්‍යවල ආයතනවල න්යායපත්රවලට අනුව ජාතික ජන බලවේගය කටයුතු නොකරන බවද ජාතික ජන බලවේගයේ නායකයා එහිදී ප්‍රකාශ කළේය.
මෙම ජනමාධ්‍ය ආයතනවලට ද තම පක්ෂයේ දේශපාලන ප්රචාරක කටයුතු නතර කළ නොහැකි බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.
ජාතික ජන බලවේගයේ නායකයා හෙළිකළ, අදාළ ජනමාධ්‍ය ආයතනය විසින් යොමුකළා යැයි පැවසෙන ප්රශ්නය මේ වන විට සමාජ මාධ්‍ය වේදිකාවල හුවමාරු වේ.

Adding {{itemName}} to cart
Added {{itemName}} to cart