
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මීගමුව බන්ධනාගාරය තුළ ඉකුත් ජූලි 05 සහ 06 යන දිනයන්හි සිදුවූ උණුසුම් ගැටුම්කාරී සිදුවීමට අදාළව, එකල එහි සේවය කළ ප්‍රධාන ජේලර්වරයා ලබාදුන් රහස් සාක්ෂිය කිසිදු ජනමාධ්‍යයක පළනොකරන ලෙස මීගමුව මහේස්ත්‍රාත් ශිලනී පෙරේරා නියෝග කර තිබේ.
එම සාක්ෂිය තුළ ජාතික ආරක්ෂාවට බරපතල තර්ජනයක් විය හැකි අතිශය සංවේදී තොරතුරු රැසක් අඩංගු වන බව විවෘත අධිකරණයේදී පෙන්වා දුන් මහේස්ත්‍රාත්වරිය, අදාළ සාක්ෂි සටහන් අතිශය ආරක්ෂිතව අධිකරණය භාරයේ තබා ගැනීමටද පියවර ගන්නා ලෙස නියෝග කළාය.
මීගමුව බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර් ලෙස කටයුතු කරන වික්‍රම ජයන්ත කුමාර ඊයේ (30) පස්වරු 1.00 සිට පස්වරු 3.00 දක්වා පුරා පැය දෙකක කාලයක් මහේස්ත්‍රාත්වරිය හමුවේ මෙම විශේෂ සාක්ෂිය ලබාදී ඇත.
එසේම, ජූලි 06 වනදා බන්ධනාගාර රැඳවියන්ගේ ප්‍රචණ්ඩකාරී හැසිරීම පාලනය කිරීම සඳහා වැලිකඩ බන්ධනාගාරයෙන් කැඳවන ලද ‘බන්ධන පොලිස්’ (බන්ධනාගාර) නිලධාරීන් 89 දෙනා සම්බන්ධයෙන් වන සවිස්තරාත්මක වාර්තාවක් මෙන්ම, සිදුවීමෙන් තුවාල ලබා රෝහල්ගත කෙරුණු පිරිස පිළිබඳ වාර්තාවක්ද බන්ධනාගාර නිලධාරීන් විසින් ඊයේ (30) අධිකරණය වෙත භාරදී තිබේ.


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart