
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කැනඩාව තුළ දෙමළ ජන සංහාර ස්මාරකයක් නිර්මාණය කිරීම එරට බ්‍රැම්ප්ටන් හි නගරාධිපති පැට්රික් බ්‍රවුන්ගේ ඇගයීමට ලක්ව තිබේ.
එම ස්මාරකය විවෘත කිරීමේ උත්සවයට එක් වෙමින් ඔහු පවසා ඇත්තේ ශ්‍රී ලංකාව තුළ ජන සංහාරයක් සිදුවූ බව ප්‍රතික්ෂේප කරන පුද්ගලයන් කැනඩාව තුළ නොසළකා හරින බවයි.
“ජන සංහාරය ප්‍රතික්ෂේප කරන්නන්, ඔබව බ්‍රැම්ප්ටන්හි පිළිගන්නේ නැත, කැනඩාවට ඔබව පිළිගන්නේ නැත. ආපසු කොළඹට යන්න,” එම අනුස්මරණ ස්මාරකය විවෘත කිරීමේ උත්සවයේදී බ්‍රැම්ප්ටන් නගරාධිපතිවරයා පැවසීය.
එමෙන්ම ඔහු පැවසුවේ දෙමළ ජනයාට විඳදරාගැනීමට සිදු වූ ප්රචණ්ඩත්වය සහ සංස්කෘතික තුරන්කිරීම පිළිබඳව ඔහු මුලින්ම දැනගත් දා සිට ස්මාරකය ඉදිකිරීම සම්පූර්ණ කිරීම තමාගේ පෞද්ගලික අරමුණක් වූ බවයි.
2009 දී දෙමළ සරණාගතයෙක් ඔහුගේ පවුලේ සාමාජිකයන් සහ මිතුරන් මරාදමන ආකාරය තමාට පැවසූ ආකාරය ද නගරාධිපතිවරයා එහිදී පැහැදිලි කළේය.
එමෙන්ම නගරාධිපති බ්‍රවුන් වැඩිදුරටත් කියාසිටියේ, ස්මාරක සැලසුම් හෙළි වූ පසු බ්‍රැම්ප්ටන් ශ්‍රී ලංකා රජයේ නිලධාරීන්ගේ සහ විරෝධතාකරුවන්ගේ විරෝධයට මුහුණදුන් බවයි.
විදේශීය ඇඟිලි ගැසීම් තිබුණත් ඉතිහාසය නොසළකා හැරීමට හෝ අමතක කළ නොහැකි බව ද ඔහු පැවසීය.
“ශ්‍රී ලංකා රජය වැරදි තොරතුරු නිකුත් කළා, සත්‍යය වෙනුවෙන් කතාකරන දෙමළ ජනයාට අපහාස කිරීමට සහ පහරදීමට උත්සාහ කර තිබෙනවා. නමුත් අපි සත්‍යය දන්නවා, එහි ප්‍රතිඵලය තමයි අද අපි දකින මේ ස්මාරකය.” ඔහු පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart