
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දෙමළ ජන සංහාරය නමින් විවෘත කරන ලද ස්මාරකය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ කළ ප්‍රකාශය පිළිබදව කැනේඩියානු දේශපාලනඥයකු වන පැට්රික් බ්‍රවුන් විරෝධයක් එල්ල කර තිබේ.
සිය නිල ‘X’ ගිණුමේ සටහනක් තබමින් බ්‍රැම්ප්ටන් නගරාධිපති පැට්රික් බ්‍රවුන් ප්‍රකාශ කළේ, දෙමළ ජන සංහාර ස්මාරකයට රාජපක්ෂවරුන්ගෙන් එල්ල වන විරෝධය, එම පවුල අතින් අහිමි වූ අහිංසක සිවිල් ජීවිත හඳුනාගනිමින් කැනඩාව නිවැරදි මාවතේ ගමන් කරන බවට කරන සංඥාවක් බවයි.
එමෙන්ම පැට්රික් බ්‍රවුන් වැඩිදුරටත් කියසිටියේ, ජන සංහාරයක් සිදුනොවූ බවට විශ්වාස නම් රාජපක්ෂ පවුල යුක්තියට බාධා කරමින් නඩු පැවරීමෙන් සැඟවී නොසිට අන්තර්ජාති අපරාධ අධිකරණය සමඟ පූර්ණ සහයෝගයෙන් කටයුතු කළ යුතු බවයි.
වගවීම සඳහා මුහුණදෙනවා වෙනුවට, මෙම පවුල ශ්‍රී ලංකාව තුළ සැඟවී සිටින බව ද පැට්රික් බ්‍රවුන් චෝදනා කරයි.
එමෙන්ම ඔහු පවසා ඇත්තේ, රාජපක්ෂ පවුල සිදුකරන ලද මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ පොල්පොට්, ස්ලෝබොඩන් මිලොසෙවික්, හෙන්රිච් හිම්ලර් සහ ෆ්ලීෂන් කබුගා විසින් සිදුකරන ලද මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ හා සමාන බවයි.
”ඔවුන් අපේ කැනේඩියානු දෙමළ ජන සංහාර ස්මාරකයට විරුද්ධ වීම ගෞරවයේ ලාංඡනයක්, ”ඔහු වැඩිදුරටත් පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart