
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
160 වැනි ජාතික පොලිස් දිනයේදී මාතලේ ප්‍රදේශය කැළඹූ අපූරු සිදුවීමක් වාර්තා වේ. සංගීත මාස්ටර් කෙනෙකු ලෙස ප්‍රසිද්ධියට පත් පුද්ගලයෙකු, වෙනත් නමකින් පෙනීසිටිමින් මාතලේ සහ ඒ ආසන්න ප්‍රදේශවල රුපියල් ලක්ෂ 70කට අධික වටිනාකමකින් යුත් ‘අයිස්’ මත්ද්‍රව්‍ය සිල්ලරට බෙදාහැරීමේ ජාවාරමක නිරතව සිටියදී මාතලේ කොට්ඨාස දූෂණ මර්දන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
දොඹදෙනිය ප්‍රදේශයේ කුලී නිවසක අලුයම සිදුකළ මෙම වැටලීමේදී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 50ක්, ජංගම දුරකථන දෙකක් සහ සිම් කාඩ්පත් 6ක් පොලිස් භාරයට ගෙන තිබේ.
මෙහි තිබූ විශේෂම සිදුවීම වන්නේ මත්ද්‍රව්‍ය සඟවා තිබූ ආකාරයයි. ඉතා කලාත්මක ලෙස කැටයම් කපා ලීයෙන් නිමවා තිබූ ආරක්ෂිත කුඩා පෙට්ටියක් තුළ මෙම අයිස් තොගය ඉතා සූක්ෂම ලෙස සඟවා තිබී ඇත.
වැටලීම සිදුකිරීමට නිවස පරීක්ෂා කරන අවස්ථාවේදී සැකකරු තමා සන්තකයේ කිසිදු මත්ද්‍රව්‍යයක් නොමැති බව කියමින් පොලිස් නිලධාරීන්ට තර්ජනය කරමින් සිය ජංගම දුරකථනයෙන් පොලිස් නිලධාරීන්ව වීඩියෝ කිරීමට පටන් ගෙන ඇත.
එහෙත් පොලිස් නිලධාරීන් නිවසේ දූවිලි සහ මකුළු දැල්වලින් පිරී තිබූ කාමරයක් සෝදිසි කිරීමේදී මෙම කැටයම් සහිත රහස් ලී පෙට්ටිය සොයා ගැනීමට සමත් වී තිබේ.
මහාධිකරණයෙන් පවා දඬුවම් නියම වී ඇති, දිවයිනේ අධිකරණ කිහිපයකම මත්ද්‍රව්‍ය නඩු පවතින මෙම ප්‍රධාන පෙළේ ජාවාරම්කාර සැකකරු නීතියෙන් ගැලවීම සඳහා උපක්‍රමශීලීව කටයුතු කර ඇත.
ඔහු තමන්ගේ දරුවා මාතලේ කළුඳෑවල ප්‍රදේශයේ පදිංචි මවට භාර දී, බිරිඳ සමඟ මාතලේ නගරයේ කුලී නිවාසවල පදිංචි වෙමින් මාස කිහිපයකට වරක් නිවාස මාරුකරමින් මෙම ජාවාරම පවත්වාගෙන ගොස් ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
මෙම අයිස් මත්ද්‍රව්‍ය තොගය පාට කරන ලද කවර සහ ලාංඡන යෙදූ කුඩා පොලිතින් කවර තුළ අසුරා තිබී ඇති අතර, සැකකරු මෙරට ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ සබඳතා පවත්වා ඇත්දැයි යන්න පිළිබඳව මාතලේ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart