
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මාතලේ මහ නගර සභාවේ කිසිදු පක්ෂයකට බහුතරයක් නොමැති වීම හේතුවෙන් මධ්‍යම පළාත් පාලන කොමසාරිස් චමිලා අතපත්තුගේ සහභාගීත්වයෙන් අද (23) දින මාතලේ මහ නගර සභා ශාලාවේදී ඡන්ද විමසීමක් පැවැත්විණි.
එම ඡන්ද විමසීමෙන්, ජාතික ජන බලවේගය මාතලේ මහ නගර සභාවේ බලය ලබාගැනීමට සමත් විය.
ඡන්ද 12 ක් ලබා ගනිමින් මාතලේ මහ නගර සභාවේ නගරාධිපති ලෙස ජාතික ජන බලවේගය නියෝජනය කරන අශෝක කොට්ටහච්චි තේරී පත් වූ අතර, ලංකා කම්කරු කොංග්‍රසය නියෝජනය කරන එම්. මෝගන් උප සභාපති ලෙස නිතරගයෙන් තේරී පත්විය.
ඡන්දය ප්‍රකාශ කිරීම ආරම්භ වී ටික වේලාවකට පසු, සමගි ජන බලවේගයේ සාමාජිකයන් ඇතුළු සභාවේ සාමාජිකයන් 10 දෙනකු ඡන්දය වර්ජනය කර සභා ගර්භයෙන් පිටව ගොස් ඇත.
කෙසේවෙතත්, සභාවේ ගණපූර්ණය පැවතීම හේතුවෙන් පළාත් පාලන කොමසාරිස්වරයා විසින් ඡන්දය ප්‍රකාශ කිරීම ඉදිරියට ගෙන ගිය අතර, ඡන්දයෙන් නගරාධිපතිවරයා සහ නියෝජ්‍ය නගරාධිපතිවරයා තේරීපත් විය.
සභාව වර්ජනය කළ මන්ත්‍රීවරුන් ප්‍රකාශ කළේ, පළාත් පාලන ආයතන පනත උල්ලංඝනය කිරීමක් සිදුවූ බැවින් ඔවුන් එම ඡන්දය වර්ජනය කළ බවයි. එබැවින් ඡන්දය නීතිවිරෝධී බවට ඔවුහු චෝදනා කළහ.
පළාත් පාලන ආයතන මැතිවරණයේදී, ජාතික ජන බලවේගය මාතලේ මහ නගර සභාවේ ආසන 10 ක්ද, සමගි ජන බලවේගය ආසන 6 ක්ද, ලංකා කම්කරු කොංග්‍රසය ආසන 2 ක්ද, එක්සත් ජාතික පක්ෂය ආසන 1 ක්ද, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආසන 1 ක්ද, සර්වජන බලය පක්ෂය ආසන 1 ක්ද සහ එක්සත් ජාතික සන්ධානය ආසන 1 ක් දිනාගත්තේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart