
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ප්‍රධාන වර්ධන කේන්ද්‍රයන් සඳහා විසල් හම්බන්තොට ප්‍රාදේශීය ආකෘති සැලසුමක් සහ සවිස්තරාත්මක ප්‍රධාන සැලසුමක් පිළියෙල කිරීම පිණිස උපදේශක සේවා ලබා ගැනීමේ කාර්යය සර්බානා ජුරොංග් (පෞද්ගලික) සමාගම වෙත පැවරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලබාදී ඇත.
සර්බානා ජුරොංග් යනු සිංගප්පුරුවේ මුලස්ථානය පිහිටි අනුබද්ධ ආයතන රැසකින් සමන්විත ආයතනයකි.
හම්බන්තොට දිස්ත්‍රික්කය සංවර්ධනය කිරීමේ කටයුතු සඳහා ප්‍රමුඛතාව ලබා දීමට රජය විසින් තීරණය කර ඇති අතර, කොළඹ නගරය හා බස්නාහිර පළාත සංවර්ධනය කිරීමට සහ නැගෙනහිර පළාත් උපයාමාර්ගික සංචාරක කලාපය සංවර්ධනය කිරීම සඳහා වන ප්‍රධාන සැලසුම් සකස් කිරීමේ වගකීම පවරා ඇති සර්බානා ජුරොංග් (පෞද්ගලික) සමාගම වෙතම හම්බන්තොට දිස්ත්‍රික්කය සංවර්ධනය සඳහා ප්‍රධාන සැලසුම සකස් කිරීමේ කාර්යය පැවරීම වඩාත් යෝග්‍ය බවට හඳුනාගනු ලැබ ඇත.
ඒ අනුව, එම කාර්යය සර්බානා ජුරොංග් (පෞද්ගලික) සමාගම වෙත පැවරීම පිණිස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව කැබිනට් මණ්ඩලය අනුමත කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart