
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බංග්ලාදේශ අගනුවර ඩකා හි පිහිටි අන්තර්ජාතික ගුවන්තොටුපොළේ භාණ්ඩ ප්‍රවාහන සංකීර්ණයේ සෙනසුරාදා (2025 ඔක්තෝබර් 18) දැවැන්ත ගින්නක් හැටගත්තේය.
ඝන කළු දුමාරයක් ප්‍රදේශය පුරා පැතිර යාමත් සමඟ සියලුම ගුවන් ගමන් මෙහෙයුම් අත්හිටුවීමට බලධාරීන්ට සිදුවිය.
ගින්නෙන් ජීවිත හානි පිළිබඳ ක්ෂණික වාර්තා නොමැත.
බංග්ලාදේශ සිවිල් ගුවන් සේවා අධිකාරිය (CAAB) පැවසුවේ හස්රත් ෂාජලාල් අන්තර්ජාතික ගුවන්තොටුපොළේ දහවල් ගින්න හටගත් බවත්, එය මැඩපැවැත්වීමට ගිනි නිවන ඒකක දුසිම් දෙකකට අධික සංඛ්‍යාවක් ස්ථානගත කළ බවත් ය.
“සියලුම ගුවන් යානා ගොඩබෑම සහ ගුවන්ගත කිරීම් නැවත දැනුම් දෙන තුරු අත්හිටුවා ඇත. අපගේ සියලුම ගුවන් යානා ආරක්ෂිත බව තහවුරු කර ඇත,” CAAB ප්‍රකාශකයෙක් පැවසීය.
ඩකා නුවරට ගොඩබෑමට නියමිතව තිබූ විවිධ ගුවන් සමාගම්වල අවම වශයෙන් ගුවන් ගමන් නවයක් ගිනිකොනදිග චැටෝග්‍රෑම් හි ෂා අමනාත් අන්තර්ජාතික ගුවන්තොටුපොළට සහ ඊසානදිග සිල්හෙට් හි ඔස්මානි අන්තර්ජාතික ගුවන්තොටුපළට හරවා යවන ලදී. ඉන් අටක් චැටෝග්‍රෑම් හි සහ එකක් සිල්හෙට් හි ගොඩබස්සවා ඇත.
එරට ජනමාධ්‍ය වාර්තාවලට අනුව, භාණ්ඩ ප්‍රවාහන කලාපයේ ගබඩා කර ඇති රසායනික ද්‍රව්‍ය ගිනි නිවන භටයින්ට විශාල අභියෝගයක් වී තිබේ.
ඇසින් දුටු සාක්ෂිකරුවන් පවසා ඇත්තේ, හමුදාව, ගුවන් හමුදාව, නාවික හමුදාව සහ බංග්ලාදේශ දේශසීමා ආරක්ෂක (BGB) හි නිලධාරීන් ගිනි නිවීමේ සහ ගලවා ගැනීමේ කටයුතුවලට එක් වූ බවයි.
දින පහක් ඇතුළත බංග්ලාදේශයේ සිදු වූ තුන්වැනි ප්‍රධාන ගින්න මෙයයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart