
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සිලාවතුර පොලිස් ස්ථානයට යාබද ස්ථානයක එල්ටීටීඊ සංවිධානය වළදමා ඇතැයි කියන මුදල් හා ස්වර්ණාභරණ ගොඩගැනීම සඳහා වළක් හාරමින් සිටි නාවික භටයකු, පොලිස් සැරයන්වරයකු ඇතුළු සිව්දනකු සැකපිට අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි.
සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවන් මන්නාරම මූලස්ථාන පොලිසියට බාරදී ඇත.
නාවික හමුදාව සිදුකළ මෙහෙයුමකින් මෙලෙස නාවික හමුදාවේ සෙබළකු හා අනුරාධපුර පොලිසියේ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ සිටි පොලිස් සැරයන්වරයකු ඇතුළු සිව්දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.
අදාළ ස්ථානය ආසන්නයේ නවතා තිබූ සැකකරුවන් පැමිණිය බව කියන වාහනයක් වැඩිදුර විමර්ශන සඳහා පොලිසියට බාරයට ගෙන ඇත.
අත්අඩංගුවට පත් සැකකරුවන් නාවුල, මැණික්දෙන හා අනුරාධපුර ප්රදේශයේ පදිංචි අවුරුදු 30 – 38 අතර වයසේ පසුවන අයවලුන් වෙයි.
අත්අඩංගුවට ගත් සෙසු සැකකරුවන් දෙදෙනාගෙන් එක් තැනැත්තකු රියදුරකු බවත්, අනෙක් පුද්ගලයා කම්කරුවකු බවත් පොලිස් පරීක්ෂණවලදී හඳුනාගෙන ඇත.(ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart