September 1, 2025

ඉන්දු­නී­සි­යා­වේදී අත්අ­ඩං­ගු­වට ගත් කෙහෙ­ල්බ­ද්දර පද්මේ, කමාන්ඩෝ ශලින්ත නොහොත් පිට්ටුවා, පාන­දුරේ නිලංග, බැකෝ සමන් සහ තැඹිලි ළහිරු යන පාතා­ලයේ අප­රා­ධ­ක­රු­වන්ගේ මෙරට ජාල­යට සම්බන්ධ දේශ­පා­ල­න­ඥ­යන්, පොලිස් නිල­ධා­රීන්, ආග­මන විග­මන දෙපා­ර්ත­මේ­න්තුවේ නිල­ධා­රීන්, කුලී ඝාත­ක­යන් ඇතුළු සිය ගණ­න­කගේ තොර­තුරු හඳු­නා­ග­නි­මින් ඔවුන් කොටුකර ­ගැ­නී­මට ඉදි­රි­යේදී පුළුල් මෙහෙ­යු­මක් ක්‍රියා­ත්මක කිරී­මට අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව සූදා­න­මින් සිටියි.

මෙම පාතාල අප­රා­ධ­ක­රු­වන්ගේ ජාලය හඳු­නා­ගැ­නී­මට අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වට පහ­සු­වක් වී ඇත්තේ ඉන්දු­නී­සි­යා­වේදී මෙම පාතාල අප­රා­ධ­ක­රු­වන් අත්අ­ඩං­ගු­වට ගන්නා විට ඔවුන් සතුව තිබී සොයා­ගත් ජංගම දුර­ක­තන, ලැප්ටොප් ඇතුළු උප­ක­රණ ද ඉන්දු­නී­සියා පොලී­සිය මෙර­ටට භාරදී ඇති බැවිනි.

මෙයට පෙර විදේ­ශ­ය­න්ව­ලදී අත්අ­ඩං­ගු­වට ගෙන මෙර­ටට පිටු­ව­හල් කළ බොහෝ අප­රා­ධ­ක­රු­වන් භාවිත කළ ජංගම දුර­ක­තන මෙර­ටට ලැබී තිබුණේ නැත. එබැ­වින් එම පාතාල අප­රා­ධ­ක­රු­වන්ගේ මෙරට ජාලය හඳුනාගැනීම දුෂ්කර කාර්ය­යක් බවට පත්විය. එහෙත් මෙම පාතාල අප­රා­ධ­ක­රු­වන් සියලුදෙනාගේ ජංගම දුර­ක­තන ඔවුන් ද සමඟ මෙර­ටට භාර දුන් බැවින් මෙතෙක් කාල­යක් මෙම අප­රා­ධ­ක­රු­වන් සමඟ සම්බ­න්ධ­කම් පව­ත්ව­මින් අප­රා­ධ­ව­ලට ආධාර හා අනු­බල දුන් පුද්ග­ල­යන් මෙන්ම ඔවුන්ගේ මත්කුඩු ජාලයේ සැඟ­වුණු තොර­තුරු ගොන්නක්ම හෙළි­කර ගැනී­මට හැකි­වනු ඇතැයි උසස් පොලිස් නිල­ධා­රි­යෙක් පැව­සීය.

කෙහෙ­ල්බ­ද්දර පද්මේ ඇතුළු පාතාල අප­රා­ධ­ක­රු­වන් පස් දෙනා විසින් විදේ­ශ­ග­තව රැඳීසිටි­මින් වෙඩි තැබීම් සහ මිනිස් ඝාතන රැසක් මෙහෙ­යවා තිබුණි. ඒ සෑම මිනිස් ඝාත­න­යක් සහ වෙඩි තැබී­ම­ක­ටම තොර­තුරු ලබා­දුන් සැඟ­වුණු චරිත පවා හෙළි­කර ගැනී­මට හැකි වනු ඇති බව පොලී­සිය විශ්වාස කරයි.

කෙහෙ­ල්බ­ද්දර පද්මේ ඇතුළු අප­රා­ධ­ක­රු­වන් ඉන්දු­නී­සි­යා­වේදී අත්අ­ඩං­ගු­වට ගන්නා විට ඔවුන් සතුව තිබී ඇත්තේ ව්‍යාජ නම්ව­ලින් සකස් කර තිබුණු විදෙස් ගමන් බල­ප­ත්‍රය. එම විදෙස් ගමන් බල­පත්‍ර ඔවුන් කොටු කර­ගැ­නී­මට මෙර­ටින් ඉන්දු­නී­සි­යා­වට ගිය සහ­කාර පොලිස් අධි­කා­රි­වරු දෙදෙනා විසින් සිය භාර­යට ගෙන තිබිණි. මෙර­ටට ඔවුන් රැගෙන ඒම සඳහා ඔවුන්ගේ සැබෑ නම්ව­ලින් තාව­කා­ලික විදේශ ගමන් බල­පත්‍ර පවා සකස් කිරී­මට එරට පිහිටි ශ්‍රී ලංකා තානා­පති කාර්යා­ලය පිය­වර ගත්තේය. මේ වන විට ඔවුන් සතුව තිබුණු ව්‍යාජ නම්ව­ලින් සකස් කළ විදේශ ගමන් බල­පත්‍ර ඇත්තේ අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව සතු­වය. එම විදෙස් ගමන් බල­පත්‍ර ඔවුන් සකස් කර­ගෙන ඇත්තේ ද විදේ­ශ­ග­තව සිටි­ය­දීය. ඒ සඳහා විශාල මුද­ලක් ඔවුන් වැය­කර ඇති බවත් ආග­මන විග­මන දෙපා­ර්ත­මේ­න්තුවේ දූෂිත නිල­ධා­රීන්ගේ සහ­යෝ­ගය ඒ සඳහා ලැබී ඇති බවත් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව විශ්වාස කරයි. එම විදෙස් ගමන් බල­පත්‍ර සකස් කිරී­මට ඍජුව සහ වක්‍රව පවා සම්බන්ධ වූ පුද්ග­ල­යන්ට එරෙ­හිව නීතිය ක්‍රියා­ත්මක කරන බව ද උසස් පොලිස් නිල­ධා­රි­යෙක් සඳ­හන් කළේය.

කෙහෙ­ල්බ­ද්දර පද්මේ ඇතුළු කණ්ඩා­යම කොටු­කර අත්අ­ඩං­ගු­වට ගැනීමේ මෙහෙ­යුම මෙරට පොලිස් නිල­ධා­රීන් දෙදෙ­න­කුගේ ද සහාය ඇතිව ක්‍රියා­ත්මක කර ඇත්තේ ඉතා රහ­සි­ග­ත­වය. එසේ තිබි­ය­දීත් අව­සාන දින­යේදී එම මෙහෙ­යුම සම්බ­න්ධ­යෙන් තොර­තුරු කෙහෙ­ල්බ­ද්දර පද්මේ ඇතුළු පිරි­සට දැන­ග­න්නට ලැබී ඇති බව සඳ­හන්ය. ඒ සම්බ­න්ධ­යෙන් ද විශේෂ අව­ධා­න­යක් යොමුකර­මින් විම­ර්ශන පැවැ­ත්වෙන බව උසස් පොලිස් නිල­ධා­රියා කීය. කෙහෙ­ල්බ­ද්දර පද්මේ ඇතුළු අප­රා­ධ­ක­රු­වන් මත්කුඩු ජාල­යෙන් උපයා ගන්නා මුදල් උණ්ඩි­යල් ක්‍රම­යට ඔවුන්ට මෙතෙක් කාල­යක් ලද ආකා­රය මෙන්ම ඊට සම්බන්ධ මෙරට ජාලයේ තොර­තුරු ද විම­ර්ශන ඔස්සේ අනා­ව­ර­ණය කර­ගැ­නී­මට අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව සූදා­න­මින් සිටියි. ඩුබායි සහ ශ්‍රී ලංකාව අතර නීත්‍ය­නු­කූල මෙන්ම නීත්‍ය­නු­කූල නොවන ක්‍රම ඔස්සේ ව්‍යාපා­ර­වල නිර­තව සිටින ව්‍යාපා­රික කණ්ඩා­ය­මක් ගැන ද මෙහිදී බුද්ධි අංශ විශේෂ අව­ධා­න­යෙන් සිටියි.

අත්අ­ඩං­ගු­වට ගත් කෙහෙ­ල්බ­ද්දර පද්මේ ඇතුළු පාතාල අප­රා­ධ­ක­රු­වන් මෙර­ටට පෙරේදා (31) ගෙන ඒමට ඉන්දු­නී­සි­යානු පොලී­සියේ 12 දෙන­කුගේ කණ්ඩා­ය­මක් ලබා­දී­මට ඉන්දු­නී­සි­යානු බල­ධා­රීන් කැමැත්ත පළ­කර තිබී ඇත. එහෙත් ඉන්දු­නී­සි­යාව තුළ ඇතිවූ අන­පේ­ක්ෂිත ගැටු­ම්කාරී තත්ත්ව­යක් හමුවේ මෙර­ටින් නිල­ධා­රීන් තිදෙ­නෙකු ඉන්දු­නී­සි­යා­වට 31 වැනිදා උදෑ­සන යැවී­මට මහ­ජන ආර­ක්ෂක අමා­ත්‍යාං­ශය අවශ්‍ය පිය­වර ගෙන තිබිණි.

ඒ අනුව එම නිල­ධා­රීන් තිදෙ­නාත් එරට රැඳී සිටි­මින් මෙහෙ­යු­මට සම්බ­න්ධව සිටි සහ­කාර පොලිස් අධි­කා­රී­ව­රුන් දෙදෙ­නාත් ඉන්දු­නී­සි­යානු පොලී­සියේ නිල­ධා­රීන් 07 දෙන­කුත් මෙම අප­රා­ධ­ක­රු­වන් රැගෙන මෙර­ටට ඒමට පිය­වර ගෙන තිබේ. මෙත­රම් නිල­ධා­රීන් පිරි­සක් මෙම පාතාල අප­රා­ධ­ක­රු­වන් පස් දෙනා රැගෙන ඒමට යෙද­වී­මට සිදුව ඇත්තේ ගුවන් මඟින් මෙවැනි සැකකරුවන් රැගෙන ඒමේදී පිළි­පැ­දිය යුතු අන්තර්ජාතික ආර­ක්ෂක පිය­වර අනු­ග­ම­නය කිරීමට සිදුවීම හේතුවෙනි.

මෙම සැකකරුවන්, ඉන්දු­නී­සියා පොලී­සියේ නිල­ධා­රීන් ඇතුළු මෙරට පොලිස් කණ්ඩා­යම විසින් රැගෙන එනු ලබන්නේ සිවිල් ඇඳු­මින් සැර­සීය. ඒ එන ගම­නේදී ගුව­න්යා­නයේ සිටි සෙසු කිසිදු මගි­යෙක් එම යානයේ අප­රා­ධ­ක­රු­වන් පිරි­සක් රැගෙන එන බව නොදැන සිටීම ද විශේ­ෂි­තය.

ගුව­න්යා­නය කටු­නා­යක අන්තර්ජාතික ගුව­න්තො­ටු­ප­ළට ගොඩ­බැ­ස්ස­වී­මෙන් අන­තු­රුව සෙසු මගීන් යාන­යෙන් පිට­තට ගමන් කිරී­මෙන් අන­තු­රුව අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලි­ස්පති නීතිඥ අසංක කර­විට ඇතුළු නිල­ධා­රින් කණ්ඩා­ය­මක් ගුව­න්යා­නය වෙත ගොඩවී සැක­ක­රු­වන් මෙර­ටදී අත්අ­ඩං­ගු­වට ගැනී­මට පිය­වර ගෙන ඇත. අන­තු­රුව ඔවුන්ව ආර­ක්ෂි­තව ගුවන් තොටු­පො­ළින් පිට­තට ගෙන විම­ර්ශන අංශ වෙත රැගෙන යෑමට පිය­වර ගෙන තිබේ. උඩු­ග­ම්පොල කෙහෙ­ල්බ­ද්දර ඉහළ කුඹුර 18/08 ලිපි­නයේ පදිං­චි­ක­රු­වෙක් වූ 37 හැවි­රිදි වියේ පසු­වන කේ.ජී. මන්දිනූ පද්ම­සිරි පෙරේරා නොහොත් කෙහෙ­ල්බ­ද්දර පද්මේ විම­ර්ශන කට­යුතු සඳහා භාරදී ඇත්තේ අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ වාණීජ අප­රාධ විම­ර්ශන අංශය ( III) වෙතය.

නීතිවිරෝධි ගිනි අවි භාවිත කර­මින් පුද්ගල ඝාතන මෙහෙ­ය­වීම, මත්ද්‍රව්‍ය ඇතුළු සංවි­ධා­නා­ත්මක අප­රාධ සිදුකිරීම, පොලිස් නිල­ධා­රීන්ගේ පවු­ල්වල සාමා­ජි­ක­යන් ඝාත­නය කරන බවට තර්ජ­නය කිරීම, පසු­ගිය පෙබ­ර­වාරි 19 වැනිදා කොළඹ අලු­ත්කඩේ අංක 05 මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යේදී ගණේ­මුල්ල සංජීව යන අය ඝාත­නය කර විනි­සු­රු­තු­මිය ඇතුළු කාර්ය මණ්ඩ­ලය භීති­යට පත්කි­රීමේ අප­රා­ධය සැල­සුම් කිරීම ඇතුළු අප­රාධ රැසක් සම්බ­න්ධ­යෙන් චෝදනා මෙම අප­රා­ධ­ක­රුට දැනට එල්ලවී ඇති බව අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව සඳ­හන් කරයි. අංක 24, නව නගර නිවාස, ඉඹු­ල්ග­ස්වා­ඩි­ය­වත්ත, දෙමන් හන්දිය, කටාන ලිපි­නයේ පදිං­චි­ක­රු­වෙක් වන 38 හැවි­රිදි පී. ශලින්ත මදු­ෂාන් පෙරේරා නොහොත් කමාන්ඩෝ ශලින්ත විම­ර්ශන කට­යුතු සඳහා භාරදී ඇත්තේ අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ වාණිජ අප­රාධ විම­ර්ශන අංශය (I) වෙතය. දිව­යිනේ විවිධ ප්‍රදේ­ශ­වල පසු­ගිය කාල­ව­ක­වා­නුව තුළ සිදුවූ බිහි­සුණු මනුෂ්‍ය ඝාතන, මහා පරි­මාණ මත්ද්‍රව්‍ය ජාවා­රම්, කොල්ල­කෑම්, කප්පම් ගැනීම්, පැහැර ගැනීම් ඇතුළු අප­රාධ රැසක් සම්බ­න්ධ­යෙන් මෙම සැක­කරු අත්අ­ඩං­ගු­වට ගෙන ඇත.

වෘත්ති­යෙන් වායුසමී­ක­රණ ශිල්පි­යෙක් ලෙස කට­යුතු කර පසුව පාතාල අප­රා­ධ­ව­ලට යොමුවූ පුද්ග­ල­යෙක් වන අංක 09/ඊ අලු­බෝ­ග­හ­වත්ත, සුසාන භූමිය පාර, පින්වල, පාන­දුර ලිපි­නයේ පදිං­චි­ක­රු­වෙක් වූ 36 හැවි­රිදි පී. නිලංග සම්පත් සිල්වා විම­ර්ශන කට­යුතු සඳහා භාරදී ඇත්තේ අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ විශේෂ විම­ර්ශන අංශය (III) වෙතය.

ඉන්දු­නී­සි­යා­වෙන් මෙර­ටට රැගෙන ආ පාතාල අප­රා­ධ­ක­රු­වන් අතර සිටි සෙසු සැක­ක­රු­වන් දෙදෙනා විම­ර්ශන කට­යුතු සඳහා භාරදී ඇත්තේ බස්නා­හිර පළාත් උතුරු දිසා අප­රාධ කොට්ඨා­ශ­ය­ටය. අංක 197/02 පද­ලං­ගල ගෙදර, උල­හි­ටි­යාව, මිද්දෙ­ණිය ලිපි­නයේ පදිං­චි­ක­රු­වෙක් වන 35 හැවි­රිදි වියැති එන්.එන්. ප්‍රසංග නොහොත් බැකෝ සමන්ත සහ අංක 119/01,ඒ, කුඩ­ග­ල්ආර මිද්දෙ­ණියේ පදිං­චි­ක­රු­වෙක් වූ 29 හැවි­රිදි වියැති පී.කේ. ළහිරු මධු­සංඛ නොහොත් තැඹිලි ළහිරු මෙසේ බස්නා­හිර පළාත් උතුරු දිසා අප­රාධ කොට්ඨා­ස­යට භාරදී තිබේ.

බස්නා­හිර පළාත් උතුරු දිසා අප­රාධ කොට්ඨා­සයේ සිර­මැ­දිරි පහ­සු­කම් සලකා බලා වැඩි ආර­ක්ෂා­වට මෙම සැක­ක­රු­වන් දෙදෙනා කොළඹ වරාය පොලිස් ස්ථානයේ රඳවා තබාගැනී­මට කට­යුතු කර ඇති බව පොලී­සිය සඳ­හන් කළේය.

මෙම අප­රා­ධ­ක­රු­වන් පස්දෙනා සම්බ­න්ධ­යෙන් අධි­ක­ර­ණ­යට කරුණු වාර්තා කර දැනට පැය 72ක රැඳ­වුම් නියෝ­ග­යක් ලබා­ගෙන විම­ර්ශන පව­ත්වන බවත් පසුව ත්‍රස්ත­වා­දය වැළැ­ක්වීමේ පනතේ විධි­වි­ධා­න­යන්ට අනුව දින 90ක් රඳ­වා­ගෙන විම­ර්ශන පව­ත්වන බවත් උසස් පොලිස් නිල­ධා­රි­යෙක් පැව­සීය.(දිනමිණ)