
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පසුගිය සතියේ තෙල්දෙනිය ප්‍රදේශයේ නවතා තිබූ මෝටර් රථයක් තුළ තිබී කාන්තාවකගේ සිරුරක් හමුවීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුට සම්බන්ධ මහාපරිමාණ මූල්‍ය වංචා සහ වෙනත් අපරාධ ජාලයක් අනාවරණය කර ගැනීමට නුවරඑළිය පොලිසිය සමත්ව තිබේ.
නුවරඑළිය මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපතිවරයා විසින් නුවරඑළිය කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා, පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සහ සහකාර පොලිස් අධිකාරීවරයකු ඇතුළු උසස් පොලිස් නිලධාරීන් වෙත ඉදිරිපත් කරන ලද විශේෂ විමර්ශන වාර්තාවක් මඟින් මෙම තොරතුරු අනාවරණය කර ඇත.
පසුගිය ජුනි 17 වැනිදා මෙම ඝාතනය වාර්තා වීමෙන් අනතුරුව, ප්‍රධාන සැකකරුගේ පසුබිම පිළිබඳව පොලිසිය සිදුකළ පුළුල් විමර්ශනවලින් පසු මෙම නව තොරතුරු අනාවරණය වී තිබේ.
පොලිසිය පවසන පරිදි මෙම සැකකරු හොරොම්බාව, කොස්ගොල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහුගේ බිරිඳද මෙම මූල්‍ය වංචාවලට ඍජුවම සම්බන්ධ වී ඇති බවට පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
විවාහ කරගන්නා බව පවසමින් කාන්තාවන් මුළා කිරීම, විදේශ රැකියා ලබාදෙන බව පවසමින් මුදල් වංචා කිරීම සහ වාහන ආනයනය කිරීමේ මුවාවෙන් සිදුකළ වංචාවන් සම්බන්ධයෙන් මෙම සැකකරුට එරෙහිව දිවයින පුරා අධිකරණ රැසක නඩු විභාග වෙමින් පවතින බව විමර්ශනවලදී හෙළි වී තිබේ.
පොලිසිය විසින් උපුටා දක්වන ලද අධිකරණ වාර්තාවලට අනුව දැනට විභාග වෙමින් පවතින නඩු කිහිපයක් මෙසේය:
– ගම්පහ මහා අධිකරණය (නඩු අංක B 1893/19): විවාහ පොරොන්දු දී රුපියල් 11,873,000ක මුදලක් වංචා කිරීම සහ මෝටර් රථයක් (WP CBG 8532) නීති විරෝධී ලෙස පරිහරණය කිරීම.
– අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය අංක 05 (නඩු අංක B 98858/05/2018): විවාහ පොරොන්දු දී රුපියල් 1,721,000ක මුදලක් වංචා කිරීම.
– අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය අංක 05 (නඩු අංක B 15191/05/2019): විවාහ පොරොන්දු දී රුපියල් 1,376,000ක මුදලක් වංචා කිරීම.
– තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණය (නඩු අංක B 33176, 33174): වාහන ආනයනය කර දෙන බව පවසා රුපියල් 2,200,000ක මුදලක් වංචා කිරීම.
– අලුත්කඩේ අධිකරණය (නඩු අංක B 7002/23): විදේශ රැකියා ලබාදෙන බව පවසා රුපියල් 4,200,000ක මුදලක් වංචා කිරීම.
මීට අමතරව හොරණ, කඩුවෙල සහ අලුත්කඩේ යන අධිකරණවලද මොහුට එරෙහිව තවත් නඩු විභාග වන බවත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මඟින්ද මේ පිළිබඳව සමගාමී විමර්ශන පවත්වන බවත් පොලිසිය ප්‍රකාශ කරයි.
සැකකරුගේ ජාතික හැඳුනුම්පත් අංකය ඔස්සේ දත්ත පද්ධති පරීක්ෂා කිරීමේදී, මූල්‍ය වංචා සම්බන්ධයෙන් සැකපිට 2023 නොවැම්බර් මාසයේදී පෑලියගොඩ පොලිසිය සහ වංචා විමර්ශන කාර්යාංශය මඟින් මොහුව අත්අඩංගුවට ගෙන තිබූ බවද අනාවරණය වී ඇත.
විදේශ රැකියා ජාවාරම් සහ විවාහ වංචාවලට සම්බන්ධ බවට චෝදනා එල්ල වී ඇති සැකකරුගේ බිරිඳට එරෙහිවද ආයතන සහ පොලිස් ස්ථාන කිහිපයක පැමිණිලි සහ විමර්ශන රැසක් ක්‍රියාත්මක වන අතර, ඒ පිළිබඳවද පොලිස් පරීක්ෂණ අඛණ්ඩව සිදුවේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart