
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ලබන මාසයේ ඉන්දියාවේ පැවැත්වෙන අයිසීසී පිරිමි ක්‍රිකට් ලෝක කුසලානය සඳහා සංචිත නම් කිරීම විවිධ රටවල් විසින් ආරම්භ කර තිබේ.
15 දෙනෙක්ගෙන් යුත් සංචිතය සැප්තැම්බර් 28ට පෙර තෝරා අවසන් කළ යුතු අතර, එම දිනයෙන් පසු සිදු කරන ඕනෑම වෙනස්කමක් සඳහා ICCහි අනුමැතිය අවශ්‍ය වේ.
ඒ අනුව දැනට නම් කර ඇති සංචිත කිහිපයක් පහතින් දැක්වේ.
ඇෆ්ගනිස්ථාන සංචිතය: හෂ්මතුල්ලා ෂාහිඩි (නායක) රහමනුල්ලා ගුර්බාස්, ඊබ්‍රහිම් සද්රාන්, රියාස් හසන්, රහ්මට් ෂා, නජිබුල්ලා සද්රාන්, මොහොමඩ් නබි, ඉක්රම් අලිඛිල්, අස්මතුල්ලා ඔමාර්සායි, රෂීඩ් ඛාන්, මුජීබ් උර් රහ්මාන්, නූර් අහමඩ්, ෆසාල්හක් ෆාරුකි, අබ්දුල් රහ්මාන්, නවීන් උල් හක්.
ඕස්ට්‍රේලියානු සංචිතය: පැට් කමින්ස් (නායක) , ස්ටීව් ස්මිත්, ඇලෙක්ස් කේරි, ජොෂ් ඉන්ග්ලිස්, ෂෝන් ඇබට්, ඇෂ්ටන් ඒගාර්, කැමරන් ග්‍රීන්, ජොෂ් හේසල්වුඩ්, ට්‍රැවිස් හෙඩ්, මිච් මාෂ්, ග්ලෙන් මැක්ස්වෙල්, මාකස් ස්ටොයිනිස්, ඩේවිඩ් වෝනර්, ඇඩම් සැම්පා, මිචෙල් ස්ටාක්
එංගලන්ත සංචිතය: ජොස් බට්ලර් (නායක) , මොයින් අලි, ගස් ඇට්කින්සන්, ජොනී බෙයාර්ස්ටෝ, සෑම් කරන්,ලියම් ලිවිංස්ටන්, ඩේවිඩ් මාලන්, ආදිල් රෂීඩ්, ජෝ රූට්, ජේසන් රෝයි, බෙන් ස්ටෝක්ස්, රීස් ටොප්ලි, ඩේවිඩ් විලී, මාර්ක් වුඩ්, ක්‍රිස් වෝක්ස්.
ඉන්දීය සංචිතය: රෝහිත් ෂර්මා (නායක) , හර්දික් පාණ්ඩ්‍යා (උපනායක) ,සුබ්මන් ගිල්, විරාත් කෝලි, ශ්‍රෙයාස් අයියර්, කේ.එල් රාහුල්, රවීන්ද්‍ර ජඩේජා, ෂර්දුල් තාකූර්, ජස්ප්‍රිත් බුම්රා, මොහොමඩ් සිරාජ්, කුල්දීප් යාදෙව්, මොහොමඩ් ෂාමි, අක්සාර් පටෙල්, ඉෂාන් කිෂාන්, සූර්යකුමාර් යාදව්.
නෙදර්ලන්ත සංචිතය: ස්කොට් එඩ්වර්ඩ්ස් (නායක) , මැක්ස් ඕ ඩවුඩ්, බාස් ඩී ලීඩ්, වික්‍රම් සිං, තේජා නිදමනුරු, පෝල් වැන් මීකරන්, කොලින් ඇකර්මන්, රොලොෆ් වැන් ඩී මර්වේ, ලෝගන් වෑන් බීක්, ආර්යන් දත්, රයන් ක්ලයින්, වෙස්ලි බැරෙසි, සකීබ් සුල්ෆිකාර්, ෂරිස් අහමඩ්, සයිබ්‍රෑන්ඩ් එංගල්බ්‍රෙක්ට්.
නවසීලන්ත සංචිතය: කේන් විලියම්සන් (නායක) , ට්‍රෙන්ට් බෝල්ට්, මාර්ක් චැප්මන්, ඩෙවොන් කොන්වේ, ලොකී ෆර්ගියුසන්, මැට් හෙන්රි, ටොම් ලේතම්, ඩැරල් මිචෙල්, ජිමී නීෂම්, ග්ලෙන් ෆිලිප්ස්, රචින් රවීන්ද්‍ර, මිච් සැන්ට්නර්, ඉෂ් සෝදි, ටිම් සවුත්, විල් යං.
දකුණු අප්‍රිකානු සංචිතය: ටෙම්බා බවුමා (නායක) , ජෙරල්ඩ් කෝට්සි, ක්වින්ටන් ඩි කොක්, රීසා හෙන්ඩ්‍රික්ස්, මාර්කෝ ජැන්සන්, හෙන්රිච් ක්ලාසන්, සිසන්දා මග්ලා, කේෂව් මහරාජ්, ඒඩ්‍රියන් මාක්රම්, ඩේවිඩ් මිලර්, ලුන්ග් න්ගිඩි, ඇන්රිච් නොර්ට්ජේ, කගිසෝ රබාඩා, තබ්‍රයිස් ෂම්සි, රසී වැන්ඩර් ඩුසන් ලෙස මෙසේ සංචිත නම් කර ඇත.
ශ්‍රී ලංකාව, පාකිස්ථානය සහ බංග්ලාදේශය තවමත් ඔවුන්ගේ අවසන් සංචිත ප්‍රකාශයට පත් කර නොමැත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart