
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අල්ලස, දූෂණය, නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානයේ සභාපති ජාමනී කමන් තුෂාර විසින් මනුෂ නානායක්කාර හිටපු ඇමතිවරයා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
විදේශ රැකියා ලබාදෙන මුවාවෙන වංචා කළ මනුෂ නානායක්කාර හිටපු ඇමතිවරයාගේ සහෝදරයාගේ ගිණුම්වල රුපියල් කෝටි ගණනක් මුදල් ඇතැයි හෙළි වී ඇති බව ඔහු සඳහන් කරයි.
සහෝදරයාගේ ගිණුම්වල එපමණ මුදලක් ඇත්නම් ඇමැතිවරයා සතුව කෙතරම් මුදලක් ඇද්ද යන්න ඔහු ප්‍රශ්න කර සිටියි.
විදේශගත ශ්‍රමිකයන්ගේ වාහන බලපත්‍ර අවභාවිතයක් සම්බන්ධයෙන්ද හිටපු ඇමැතිවරයාට චෝදනා එල්ල වී තිබෙන බව තුෂාර පෙන්වා දුන්නේය.
සමාජ මාධ්‍යවලට අනුව හිටපු ඇමැතිවරයා මේ වන විට ප්‍රංශයේ සිටින බවට වාර්තා වන්නේ යැයි ද ඔහු සඳහන් කරයි.
හිටපු ඇමැතිවරයා සම්බන්ධයෙන් වහාම පරීක්ෂණ කර ඔහුගේ වත්කම් සොයා බලන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළ බවද ඔහු සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart