
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මුදල් විශුද්ධිකරණ පනත ප්‍රකාරව සිදුකරන ලද විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා කම්කරු හා විදේශ රැකියා හිටපු ඇමති මනූෂ නානායක්කාරට ලබන 20 වැනිදා මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයේ නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට කැඳවා ඇතැයි වාර්තා වේ.
මෙම විමර්ශනය ආරම්භ කරනු ලැබ ඇත්තේ 2011 අංක 40 දරන පනතින් සංශෝධිත 2006 අංක 05 දරන මුදල් විශුද්ධීකරණ වැළැක්වීමේ පනත විධිවිධාන ප්‍රකාරව හිටපු ඇමති විසින් සිය වත්කම් උපයාගැනීම සම්බන්ධයෙන් බව පැවැසේ.
මෙම සිද්ධියට අදාළව මූල්‍ය අපරාධ විමර්ශන දිසාවෙහි නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත්තේ අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානයේ සභාපති විසිනි.
හිටපු ඇමති මනූෂ නානායක්කාර කම්කරු හා විදේශ රැකියා ඇමතිධූරය දරන කාලයේදී නීතිවිරෝධී ආකාරයෙන් දේපල හෝ වත්කම් උපයාගෙන ඇත්දැයි යන්න සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙසට එම පැමිණිලිකරු ඉල්ලා ඇතැයිද සදහන් වේ.
ඒ අනුව මෙම සිද්ධියට අදාළ විමර්ශනයේදී ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා හිටපු ඇමති මනූෂ නානායක්කර ලබන 20 වැනිදා මුල්‍ය අපරාධ විමර්ශන දිසාවෙහි නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට කැඳවා ඇතිබව වැඩිදුරටත් පැවසේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart