
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ප්‍රමිතියෙන් යුතු ඖෂධ සහ වෛද්‍ය උපකරණ නිෂ්පාදනය සහ සැපැයීම වැඩිදියුණු කිරීමට උත්සාහ කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.
ඒ අනුව මහජනතාවට, විශේෂඥයන්ට සහ මේ පිළිබඳ උනන්දුවක් දක්වන සියලුම පාර්ශවයන්ට අමාත්‍යාංශය යෝජනා කරන්නේ ඔවුන්ගේ ලිඛිත අදහස්, නිරීක්ෂණ, යෝජනා, නිර්දේශ අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කරන ලෙසයි.
2023 සැප්තැම්බර් 13 වැනි දිනට පෙර විද්‍යුත් තැපෑල හරහා හෝ පෞද්ගලික වශයෙන් තම යෝජනා ඉදිරිපත් කළ හැකි බව සදහන් වේ.
ඒ සදහා පහත විද්‍යුත් තැපැල් ලිපින භාවිත කළ හැකි බව දන්වා තිබේ.
[email protected]
dirtcsighealth.vw.lk
එසේ නැතිනම්,
අධ්‍යක්ෂ (තෘතියික සත්කාර සේවා),
කාමර අංක 19,
සෞඛ්‍ය අමාත්‍යාංශය,
කොළඹ 10.
යන තැපැල් ලිපිනය හරහා යෝජනා භාරදිය හැකිව ඇත.
මත්‍ද්‍රව්‍ය ප්‍රසම්පාදනයට අදාළ බාධා හදුනාගැනීම පිළිබඳ කරුණු සොයා බැලීමට පත් කළ පංච පුද්ගල කමිටුව හරහා මෙම කටයුතු සිදු කරන බව සදහන් වේ.
මෙම කමිටුවේ සභාපතිවරයා භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් කේ.සෙනෙවිරත්න වන අතර සෙසු නියෝජිතයන් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මැණික් හෙට්ටිහේවා, මාලඹේ CINEC හි ඖෂධවේදය පිළිබඳ මහාචාර්යවරයා, කොතලාවල විශ්වවිද්‍යාල රෝහලේ විධායක අධ්‍යක්ෂ මහාචාර්ය ජේ.බලවර්ධන, ඩී.තොටවත්ත, වෛද්‍ය පී.එල් අතපත්තු සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ තෘතියික සත්කාර සේවා අධ්‍යක්ෂවරයා යන අයවලුන් වේ.
ජාතික වෛද්‍ය නියාමන ක්‍රියාවලිය තුළ යළි ගොඩනැගීමේ කාර්‍යන්හි වේගවත්බව, විශ්වාසනීයබව සහ වගකීම්සහගත බව වැඩිදියුණු කිරීම මෙහි අරමුණ බව අමාත්‍යාංශය පවසයි.
දිනෙන් දින වර්ධනය වන සමාජ අවශ්‍යතා සපුරාලීම සදහා ආරක්ෂිත උසස් තත්ත්වයේ ඖෂධ දීර්ඝකාලීනව සපයාදීම සහතික කරන සරල ක්‍රියාවලියක් ක්‍රියාත්මක කිරීම මෙහි අරමුණ වී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart