June 2, 2025

තායිලන්තයේ පතායා හිදී සෙනසුරාදා රාත්‍රියේ නගරයේ වෙරළ මාර්ගයේ දී ශ්‍රී ලාංකික සංචාරකයකුට අඩි උස සපත්තු පැළඳ සිටි පුද්ගලයෙක් පහරදී ඇත.

ඔහු එම තැනැත්තාගේ ලිංගභේදය තහවුරු කරගැනීම සඳහා දෙවරක් ලිංගික අවයව ස්පර්ශ කර ඇති අතර පසුව, ගෙවීමක් හෝ කිසිදු සේවාවක් ලබාදීම ප්‍රතික්ෂේප කර තිබේ.

රාත්‍රී 10.30 ට පමණ පොලිසිය සහ සවාන්ග්බොරිබුල් පදනමේ ගලවා ගැනීමේ නිලධාරීන් පතායා වෙරළ පාරේ සෝයි 13/3 වෙත කැඳවනු ලැබූ අතර, එහිදී සේපාල ලෙස පමණක් හඳුනාගෙන ඇති 54 හැවිරිදි ශ්‍රී ලාංකික පිරිමියෙකු හිසෙන් ලේ ගලමින් සිටිනු ඔවුන් සොයාගෙන තිබේ.

වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා පොලිසිය දෙපාර්ශවයම මුවාං පතායා පොලිස් ස්ථානයට ගෙනයෑමට පෙර ඔහුට එම ස්ථානයේදීම ප්‍රතිකාර කර ඇත.

චෝදනා එල්ල වූ ප්‍රහාරකයා, වයස අවුරුදු 29 ක් වන මින්ට්‍රාන් බුරාන් ලෙස හඳුනාගෙන ඇති සංක්‍රාන්ති ලිංගික කාන්තාවක් වන අතර, සේපාලගේ හිසට අඩි උස සපත්තුවකින් කිහිපවතාවක් පහර දුන් බව පිළිගෙන තිබේ.

මින්ට්‍රාන් බුරාන්ගේ ප්‍රකාශයට අනුව, සංචාරකයා ඇය වෙත පැමිණි අතර, මින්ට්‍රාන් ඔහුට පැවසුවේ තම සේවා මිල බාට් 2,000 ක් බවයි.

පසුව මින්ට්‍රාන් ජීව විද්‍යාත්මක කාන්තාවක් දැයි තහවුරු කරගැනීම සඳහා ඔහු ඇගේ ලිංගික අවයව ස්පර්ශ කළ යුතු බව දැනුම්දී ඇත.

“මම එයාට එක පාරක් අල්ලන්න දුන්නා. නමුත් එයා ආයෙත් සල්ලි නොදී මාව අල්ලපු වෙලාවේ, මම කලබල වුණා, ඒ වගේම ආරවුලක් ඇතිවුණා,” මින්ට්‍රාන් පවසා ඇත.

“මම එයාගේ කමිසයේ කරපටියෙන් අල්ලගත්තා, එයා මගේ එක ඇද්දා, ඒකෙන් මගේ පපුවේ සීරීමක් ඇති වුණා. මම තරහ ගිහින් අඩි උස සපත්තුවකින් එයාගේ ඔළුවට හතර පස් වතාවක් ගැහුවා.”

අවිනිශ්චිතභාවය නිසා මින්ට්‍රන්ගේ ලිංගභේදය තහවුරු කර ගැනීමට පමණක් ස්පර්ශය කළ බවත්, පසුව ගනුදෙනුව සමග ඉදිරියට නොයෑමට තීරණය කළ බවත් සේපාල පොලිසියට පවසා තිබේ.

“මම ගනුදෙනුව අවලංගු කර යන්න හැදුවා, නමුත් ඒ පුද්ගලයා මගේ කමිසයේ කරපටියෙන් පිටුපසින් ඇදලා අඩි උස සපත්තුවෙන් මට ගැහුවා,” ශ්‍රී ලාංකික සංචාරකයා වැඩිදුරටත් පවසා ඇත.