
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කොළඹ, මෝදර, මෝදර වීදියේදී ඊයේ රාත්‍රියේ සිදුවූ වෙඩිතැබීමකින් 51 හැවිරිදි පුද්ගලයෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය පවසයි.
වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ මෝදර වීදියේ ලැගුම්හලකට අනුයුක්තව සේවය කරන කළමනාකරුවෙකි.
මෝටර් රථයකින් පැමිණි නාඳුනන පුද්ගලයකු ලැගුම්හලේ ගේට්ටුව ඉදිරිපිට සිටි කළමනාකරුට වෙඩිතබා පළාගොස් තිබේ.
ලැගුම්හලේ කළමණාකරුට වෙඩිතැබීමට පිස්තෝලයක් යොදාගෙන ඇතැයි පොලිසිය සැකකරයි.
වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණ වී නැත.
මෝදර පොලිසිය පරීක්‍ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart