March 24, 2026

මිල්ලවාන-මැල්සිරිපුර මාර්ගයේ වාහන සහ පදිකයන්ට තර්ජනය කරමින් හැසිරුණු සැකකරුවෙකු මාර්තු 31 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බව පොලිසිය පවසයි.

අක්කර 50 ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි මෙම සැකකරු මාර්තු 22 වැනි දින මැල්සිරිපුර පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු බීමතින් මන්නයක් අතැතිව මාර්ගය අවහිර කර අශෝභන ලෙස හැසිරී රියැදුරන්ට සහ මහජනතාවට තර්ජනයක් වන පරිදි හැසිරී ඇති බව පොලිසිය පවසයි.

ඔහු කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලද අතර මාර්තු 31 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇත.