
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මාවනැල්ල – පදියදොර ප්රදේශයේදී ඊයේ රාත්රියේ ඇති වූ ආරවුලක් විසඳීමට යෑමේදී පොලිස් වෙඩි තැබීමකින් 53 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
පදියදොර ප්රදේශයේ ඇති වූ ආරවුලක් සම්බන්ධයෙන් මාවනැල්ල පොලිසියට දැනුම් දී ඇති අතර, ඒ පිළිබඳව සොයාබැලීම සඳහා නිලධාරීන් පිටත්කර යැවූ බව පොලිසිය පවසයි.
විමර්ශනය අතරතුර ආරවුලට සම්බන්ධ එක් පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පොලිස් නිලධාරියෙකුට පහරදී ඇති බවද පොලිසිය කියයි.
ඊට ප්රතිචාර වශයෙන් තවත් නිලධාරියෙක් තත්ත්වය පාලනය කිරීම සඳහා අනතුරු ඇඟවීමේ වෙඩි තැබීමක් කර ඇත.
කෙසේවෙතත්, ප්රහාරකයා දිගින් දිගටම පොලිස් නිලධාරියාට පහරදීමට උත්සාහ කරමින් තර්ජනය කිරීමත් සමඟ එම නිලධාරියා යළිත් වෙඩි තැබීමක් සිදුකර ඇති අතර, එහි ප්රතිඵලයක් ලෙස ආරවුලට සම්බන්ධ සැකකරුගේ පියාට මාරාන්තික තුවාල සිදුව තිබේ.
තුවාල ලැබූ පුද්ගලයා මාවනැල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.
පොලිසිය පවසන්නේ, තුවාල ලැබූ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු මේ වන විට එම රෝහලේම ප්රතිකාර ලබන බව ය.
පහරදීමට සම්බන්ධ සැකකරු එම ස්ථානයෙන් පළාගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට මාවනැල්ල පොලිසිය විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart