
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
හෙරොයින් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු පොලිසින් බේරීමට පළායෑමේදී හෙරොයින් පැකට්ටුවක් උගුරේ සිරවීමෙන් මියගොස් තිබේ.
මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ සැකකරු හුස්ම හිරවීමෙන් මියගොස් ඇති බවට පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවෙන් අනාවරණය වී ඇත.
හලාවත මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය ඉලංගරත්න බණ්ඩා විසින් පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකර තිබේ.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ හලාවත රත්නඋයන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් මීට පෙර දඩුවම් ලබා සිටි අයෙකු වන සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිසිය ඔහුව ලුහුබැඳ යෑමේදී ඇදවැටී මියගොස් ඇති බව පොලිසිය පවසයි.
පොලිසිය පවසන්නේ, පම්බල ප්‍රදේශයේදී සැකපිට ත්‍රිරෝද රථයක් පරීක්ෂා කිරීමේදී සැකකරු සහ තවත් පුද්ගලයෙකු එහි ගමන් කරමින් සිටින බවයි .
ත්‍රිරෝද රථය පරීක්ෂා කිරීමේදී සැකකරුවන් දෙදෙනා ත්‍රිරෝද රථයෙන් බැස පළාගොස් තිබේ.
එහිදී ඔවුන්ගෙන් එක් අයකු බිම ඇද වැටී ඇති අතර පොලිසිය ඔහුව කඩිනමින් රෝහල්ගත කර ඇත.
රෝහලට ඇතුළත් කරන විටත් සැකකරු මියගොස් සිටි බව පොලිසිය කියයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart