
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වාහන විකිණීමට ඇති බවට පවසා සමාජ මාධ්‍ය ඔස්සේ දැන්වීම් පළකිරීමෙන් මුදල් වංචා කළ සැකකරුවකු ඊයේ (28) හල්දුම්මුල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම සැකකරු තමා සතුව ත්‍රිරෝද රථ සහ යතුරුපැදි විකිණීමට ඇති බව පවසමින් සමාජ මාධ්‍ය ඔස්සේ දැන්වීම් පළ කර ඇති අතර, ඔහුගේ බැංකු ගිණුමට අත්තිකාරම් මුදල් ලබාගෙන පසුව වංචා කර ඇති බව පොලිසිය පවසයි.
මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් ගොනුකර ඇති පැමිණිල්ලකට අනුව ආරම්භ කරන ලද විමර්ශන මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
සැකකරු බලංගොඩ ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි පුද්ගලයෙකි.
මෙම සැකකරු හල්දුම්මුල්ල, සමනලවැව, කෑගල්ල සහ මහනුවර වැනි විවිධ ප්‍රදේශවල පුද්ගලයන්ගෙන් රුපියල් ලක්ෂ 2 කට ආසන්න මුදලක් වංචා කර ඇති බව විමර්ශනවලින් හෙළි වී තිබේ.
සැකකරු විසින් සිදුකරන ලද වෙනත් වංචා සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කරගැනීම සඳහා හල්දුම්මුල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart