
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සොරකම් චෝදනාවකට ලක්ව සිටි පුද්ගලයකු වසර 20කට පසුව නිදොස් කොට නිදහස් කිරීමට අභියාචනාධිකරණය පසුගිය සිකුරාදා(07) කටයුතු කර ඇත.
මෙම පුද්ගලයාව වරදකරු කරමින් පානදුර මහාධිකරණය තීන්දුවක් ලබාදී ඇත්තේ 2002 වසරේදීය.
අභියාචනාධිකරණය එම තීන්දුව ප්‍රතික්ෂේප කරමින්, ප්‍රමාණවත් සාක්ෂි නොමැති බව පෙන්වාදෙමින් මෙලෙස අදාළ පුද්ගලයා නිදහස් කර තිබේ.
2002 වසරේ නොවැම්බර් මස 24 වන දින රත්මලාන ප්‍රදේශයේදී සිදුවූ කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙම පුද්ගලයාට චෝදනා එල්ලවී තිබිණි.
ගල්කිස්ස පොලිසියේ එවකට දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපතිවරයා විසින් විත්තිකරු සහ තවත් එක් අයෙක් අත්අඩංගුවට ගෙන තිබිණි.
ඉදිර්පත්ව ඇති සාක්ෂි සලකා බැලූ අභියාචනාධිකරණය විත්තිකරුට එරෙහි චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට පැමිණිල්ල අපොහොසත් වී ඇති බව තීරණය කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart