
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
යාපනය මල්ලාකම් අධිකරණයේ සුබරාජිනී ජගනාදන් විනිසුරුවරියගේ සේවය 24 දා සිට අධිකරණ සේවා කොමිසම විසින් අත්හිටුවා තිබේ.
නීතිඥවරයකු වන සිය සැමියාගේ උපදෙස්වලට හා ඉල්ලීම්වලට අනුව නඩු තීන්දු කීපයක් වැරදි ලෙස ලබා දී ඇති බව හෙළි වීමෙන් පසුව අධිකරණ සේවා කොමිසම මෙම තීරණය ගෙන තිබේ.
එම නීතිඥවරයා අධික ලෙස මුදල් ලබාගෙන සිය බිරිඳ ලවා නඩු තීන්දු ලබා දී ඇති බව ද පරීක්ෂණවල දී හෙළි වී තිබේ.
මල්ලාකම් මහෙස්ත්‍රාත්වරිය නීතිඥවරියක ලෙස සේවය ඇරඹූ කාලයේදී පුහුණුව ලබා ඇත්තේ ජෙගතීස්වරන් නමැති ත්‍රිකුණාමලයේ සිටි නීතිඥවරයා යටතේය.
පසුව දෙදෙනා අතර ඇති වූ පෙම් සබදතාවයක් නිසා ඔවුන් විවාහ වීමෙන් පසුව නීතිඥවරිය විනිසුරුවරියක ලෙස පත් වී තිබේ.
ඇය විනිසුරුවරිය වශයෙන් පත්ව සේවය කළ සෑම අධිකරණයකම තිබූ නඩු සම්බන්ධයෙන් ඇගේ ස්වාමියා මැදිහත් වී ඔහුට අවශ්‍ය ආකාරයට තීන්දු ලබා දී ඇති අතර එසේ තීන්දු ලබා දී ඇත්තේ ඔහු අධික මුදලක් අයකිරීම නිසා බවට තොරතුරු හෙළි වී තිබේ.
අධිකරණ සේවා කොමිසමට තවත් පරීක්ෂණ පැවැත්වීමට අවශ්‍ය නිසා මල්ලාකම් අධිකරණයේ විනිසුරුවරියගේ සේවය අත්හිටුවා තිබේ.(දිවයින)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart