
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන්ගෙන් ඉල්ලා සිටින්නේ, කණ්ඩායමේ දුර්වලතා නොතකා පිරිමි කණ්ඩායමට අඛණ්ඩව සහයෝගය ලබාදෙමින් ඔවුන්ට ශක්තියක් වන ලෙසයි.
ෆේස්බුක් සමාජ ජාලය ඔස්සේ ප්‍රකාශයක් කරමින් මාලිංග පවසන්නේ, කණ්ඩායම විවේචනය කිරීමෙන් ඔවුන්ගේ දියුණුවක් සිදු නොවන බවයි.
මාලිංග ප්‍රකාශ කරන්නේ, කණ්ඩායම හොඳින් ක්‍රියා නොකරයි යන පදනම මත මහජනතාව ක්‍රීඩාවෙන් ඈත් නොවිය යුතු බවයි.
ඉන්දියාවට එරෙහි මීළඟ තරගය ඇතුළු කණ්ඩායම සහභාගි වන තරග නැරඹීම සඳහා යන ලෙසත් තරග වර්ජනය කිරීමට කටයුතු නොකරන ලෙසත් ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
ශ්‍රී ලාංකිකයන් ක්‍රීඩකයන්ව විවේචනය කළහොත් ක්‍රීඩාව කිසිදා දියුණු නොවන බව මාලිංග සඳහන් කරයි.
පුහුණුකරු කවුරුන් වුවත් අවසානයේ එය රඳා පවතින්නේ පිටියේ සිටින ක්‍රීඩකයා මත බව ඔහු පවසයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීමට විසඳුමක් සොයාබැලිය යුතු බවත්, එම වගකීම ජනතාවට ද තිබෙන බවත් මාලිංග වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart