
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අනුරාධපුර, එප්පාවල ප්‍රදේශයේ ප්‍රාථමික පාසලක විදුහල්පතිවරයකු මෙන්ම පෑලියගොඩ නගර සභාවේ ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරියකගේ ස්වාමිපුරුෂයකු හෙරොයින් කිලෝ එකකට අධික ප්‍රමාණයක් සමග අත්අඩංගුවට ගෙන ඇත.
අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් මීට පෙර එප්පාවල නල්ලමුදුව පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් 30 හැවිරිදි පුද්ගලයකුගෙන් ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇත.
එහිදී අදාළ විදුහල්පතිවරයාට අයත් බව පැවසෙන එප්පාවල, ඇඳගල ප්‍රදේශයේ පිහිටි හෝටලයක පිටුපස වළ දමා තිබූ මෙම හෙරොයින් කිලෝ 1යි ග්‍රෑම් 185ක තොගය සොයාගෙන තිබේ.
පොලිසිය පාර්ශ්වයෙන් සඳහන් කරන්නේ අදාළ විදුහල්පතිවරයා විසින් ඒ අසල පිහිටි වැවකට දමා තිබූ මත්ද්‍රව්‍ය මැනීමට භාවිත කරන විද්‍යුත් තරාදියක් සහ පොලිතීන් සීලර් යන්ත්‍රයක්ද සොයාගෙන ඇති බවයි.
මීට අමතරව එම විදුහල්පතිවරයාගේ පුත්‍රයා ද මීට මාසයකට ඉහතදී හෙරොයින් ග්‍රෑම් 25ක් සමග අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.
මෙම මන්ත්‍රීවරියට තවදුරටත් මන්ත්‍රී ධුරයේ රැඳී සිටීමට හෝ ඇය ව මන්ත්‍රී ධුරයේ තබාගැනීමට හැකියාවක් නැත. ස්වාමිපුරුෂයා සැකකරුවකු වුවද, ඔහු හෝ අනෙක් අය අධිකරණය ඉදිරියේ සාධාරණ නඩු විභාගයකින් පසු නිර්දෝෂී වුවහොත් ඊට පසු ඇයට හිමි තැන ලැබෙනු ඇත.
නිර්දෝෂීභාවයේ පූර්ව නිගමනය සියල්ලන්ගේ අයිතියක් වුවත්, මේ හරහා ආණ්ඩුවේ තීරණාත්මක ජනතාවාදී මෙහෙයුමකට එල්ලවී ඇත්තේ දැවැන්ත පහරකි. ජනතාව මේ ආණ්ඩුව විශ්වාස කරයි.
ඇය සදාචාරාත්මක ව වහාම සිය ධුරයෙන් ඉවත් වීම වැදගත් ය. අනෙක් අතට මීට අදාළ විමර්ශන ‘බදාගැනීම්වලින් තොර විමර්ශන ලෙස’ සිදු වන බවට ජනතාවට සැකයකින් තොරව පිළිගත හැකි වීම ද වැදගත් ය.
(ශාලික විමලසේනගේ ෆේස්බුක් වෝලයෙන්)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart