
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මාලදිවයින දුම්කොළ සඳහා පරම්පරාගත තහනමක් පනවා ඇති අතර, එම නව නීතිය ඊයේ සිට ක්‍රියාත්මක වූ බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසීය.
එවැනි තහනමක් ඇති ලෝකයේ එකම රට වන්නේ මාලදිවයිනයි.
ඒ අනුව, 2007 ජනවාරි මාසයෙන් පසු උපත ලැබූ ඕනෑම කෙනෙකුට මෙම පියවර අදාළ වේ.
මෙම වසර මුලදී ජනාධිපති මොහොමඩ් මුයිසුගේ මෙම ප්‍රතිපත්තියට සහාය පළකළේය.
එරට සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වූයේ, තහනම පැනවීම මගින් අපේක්ෂා කෙරෙන්නේ මහජන සෞඛ්‍යය ආරක්ෂා කිරීම සහ දුම්කොළ රහිත පරම්පරාවක් ප්‍රවර්ධනය කිරීම බවයි.
නව විධිවිධානය යටතේ, 2007 ජනවාරි 1 වන දින හෝ ඊට පසු උපත ලැබූ පුද්ගලයන්ට මාලදිවයින තුළ දුම්කොළ නිෂ්පාදන මිලදී ගැනීම, භාවිත කිරීම හෝ විකිණීම තහනම් කර ඇත.
තහනම් කිරීම සියලු ආකාරයේ දුම්කොළ සඳහා අදාළ වන අතර, සිල්ලර වෙළෙන්දන් විකිණීමට පෙර වයස සත්‍යාපනය කිරීමට අවශ්‍ය බව බලධාරීන් පවසයි.
ඒ අනුව වෙළෙන්දකු බාලවයස්කාර පුද්ගලයෙකුට දුම්කොළ නිෂ්පාදන අලෙවි කළහොත් රුෆියා 50,000 (ඩොලර් 3,200) ක දඩයක් නියම වේ.
මාලදිවයිනට පැමිණෙන සංචාරකයින්ට ද එම තහනම අදාළ වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart